https://www.gossiplankanews.com/2018/10/23-ravi-with-mahinda.html#more
ව අගමැති ලෙස මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා මේ වනවිට එජාපයේ මන්ත්‍රීවරුන් 23 කගේ සහයෝගය ලැබීමට නියමිත බව එස්බී දිසානායක හා ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරුන් පවසා තිබේ.
එජනිස සීඩබ්සී හා ඊපීඩීපී එකතුව 97 ක්ද ආනන්ද අලුත්ගමගේ,වසන්ත සේනානායක හා අතුරලියේ රතන හිමි සමග සන්ධානයට මේවනවිට 100 කගේ සහය ලැබෙන බව
පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ 113 බහුතර අගය සඳහා තවත් 13 ක් මදිය.
ඉදිරියේදී මහින්දගේ සහයෝගයට එජාපයෙන් පැමිණෙන්නට නියමිත කවුරුන්ද යන්න එස්බී හෝ ආනන්ද පවසා නැත.
පාර්ලිමේන්තුව අරඹන්නට තව සති 3 කට ආසන්න කාලයක් තිබෙන අතර මේ කාලය තුළ මන්ත්‍රීවරුන් මුදලට හෝ වරදාන වලට බිලි බාගැනීමේ ක්‍රීඩාවක් සිදුවනු ඇති බවට ආරංචි පැතිර පවතී.


මේ අතර සිකුරාදා මහින්ද දිවුරුම්දීමට ආසන්නම අනුබලය වූයේ එජාපයෙන් පනින 22 කගේ සහායක් තහවුරුවීම බවත් එම තහවුරුකිරීම සිදුකරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක බවත් වාර්තා පළව තිබේ.

මහ බැංකු වංචාවට සම්බන්ධ කර ඔහු කොන්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු මේ ආකාරයට පක්ෂයේ මතයට විරුද්ධවී නව ආණ්ඩුවක් තනන්ට මහින්ද වෙත යනු ඇති බවත් මේ වෙලාවේ බහුතරය සඳහා කවුරු ආවත් ඉහළින් පිළිගන්නට මහින්ද මෛත්‍රීගේ පවතින සූදානම මත ඔහුට හොඳ තනතුරක් සමග පැවැත්ම තහවුරු වනු ඇති බවත් කියැවිණි.

කෙසේ වෙතත් මේ වනවිට පළවන ඇතැම් වාර්තා මගින් කියැවෙන්නේ රවී කියූ ආකාරයේ බහුතර පිරිසක් එජාපයෙන් ගෙන්වා ගන්නට අපහසුතාවයක් පැනනැගී ඇති බවයි. ඒ අනුව මහින්ද පිල තරකිරීමේ මෙහෙයුම අර්බුදයට ලක්ව ඇති බවත් ඒ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ ඇතුලු මෙහෙයුම් කමිටුව විසඳුම් සොයමින් සිටින බවයි.

රවී එජාප උප නායකයා වුවත් අර්බුදයෙන් පසුව රනිල් පැවැත්වූ එජාප රැස්වීම් කිසිවකට එක්වූයේ නැත.

ඔහුගේ මෙම රනිල් විරෝධය මහින්ද දිවුරුමට පෙර ප්‍රසිද්ධියේ පැවැත්වූ කතාවකින්ද හෙලිදරව් විය.
විශ්‍රාමිකයන් පිරිසක් ඉදිරියේ රවී පසුගිය සතියේ මෙවැනි කතාවක් කර තිබේ.

'රජය බඳු බර ජනතාව මත පටවල. මේ නිසා රජය ඉක්මනින් ගෙදර යවන්නට පුළුවන් කියල මහජනතාව කියනවා. මාව නෙරපලා මුදල් ඇමති හැටියට වෙන අය තෝරා ගත්තෙත් අපේම නායකයමනේ, ඒකට හරියන ජනතා අප්‍රසාදයට පත් වෙච්ච රැජිනකුත් ඉන්නවා. එයාගේ එක් ගෝලයෙක් තමයි ඒ. අපි පක්ෂයේ ඉදිරි පෙළේ ක්‍රීඩකයින් වුණාට අද අපිට ප්‍රේක්ෂකාගාරයට වෙලා නරඹන්නන් වගේ බලා ඉන්න වෙලයි තියෙන්නෙ. එක්සත් ජාතික පක්ෂය පැරඳුණු වෙලාවට බර දාලා ගොඩදාන වෙලාවට තමයි අපි වගේ අය ලොකු අයට වුවමනා වෙන්නේ. මම පක්ෂයත් නායකත්වයත් රැකගන්න ගිහින් තමයි මට හුග දෙනෙක් නැතිවුණේ. අපි වගේ අය නායකත්වයට සමීප වෙන කොට සමහර කේලම්කාරයට එය දිරවන්නෙ නැහැ.

ඒ අය බලන්නෙ එක එක කේලම් කියලා අපිව ඈත් කරන්නයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුටත් වුණේ කේලම් අහන්න ගිහිල්ලා හිතවත් අය නැති කර ගත්ත එකයි. ආගමික ශාස්තෘවරුන්ටත් ජුදාස්ලා
දේවදත්තලා චිංචිමානවිකාවන්ලා වගේ අයට මුහුණ දෙන්න එදත් සිඳුවුණා අදත් ඒ පරපුරේ අය ඉන්නවා. හෙටත් ඒ ජාතියේ අයම  ඉන්නවා. කොහොමටත් කථාවක් තියෙනව රජෙකුට වුණත් වරදින්න හේතු දෙකක් තියෙනවා. ඒ තමයි මුල අමතක කිරීමයි  කෙලෙහිගුණයක් නැතිකමයි”

පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා එසේ පවසා තිබුණි.