https://www.gossiplankanews.com/2018/10/174-cool-planet-fire.html
ත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති කූල් ප්ලැනට් පෞද්ගලික වෙළඳ සැල තුළ
හටගත් ගින්න නිසා බොරැල්ල-කොට්ටාව 174 බස් මාර්ගය

සම්පූර්ණයෙන් වසා දමා ඇති බව පොලිසිය සදහන් කළේය.
රෙදිපිළි හා වෙනත් ද්‍රව්‍ය අලෙවි කරන මෙම ස්ථානයේ අද(11) උදෑසන මෙම ගින්න හට ගත් අතර එයට හේතව තවම අනාවරණය කරගෙන නැත.

ගින්න පාලනය කිරීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයක්ද යොදාගැනුණ අතර කෝට්ටේ හා කොළඹ මහ නගර සභා වලට අයත් ගිනි නිවීමේ ඒකක රථ 8 ක් හා නිලධාරීන් 25 ක් පමණද සහභාගී විය.

ගින්න හේතුවෙන් මාර්ගයේ සියලු වාහන ගමනාගමනය නතරවී තිබෙන අතර අවට පුද්ගලික හා රජයේ කාර්යාල වල සේවකයින්ද එය නැරඹීමට රැස්වී තිබූ නිසා කාර්යාල කටයුතුද පැය කිහිපයකට අඩපණ විය.