කටුනායක අධිවේගී මාර්ගය තුළ ක්‍රියාත්මක  වන ඉලෙට්‍රොනික් ගාස්තු ගෙවීමේ ක්‍රමයට භාවිත කරන්නන්ට 10%ක වට්ටමක් ලබාදෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් ඒකකය සඳහන් කරයි.

මීට අමතරව අනෙකුත් අධිවේගී මාගවලටද මෙම ක්‍රමය හඳුන්වාදෙන බවත්,මෙම ක්‍රමය හරහා පිටවීමේ දොරටුවලදී වාහනය නැවතීමක් සිදු නොකර ධාවනය කිරීමේ පහසුකම හිමිවන බවත් එම ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.

කටුනායක අධිවේගී මාර්ගය

තුළ දෛනිකව වාහන විසිහය දහසකට අධික ප්‍රමාණයක් ධාවනය වන බවත්, එම වාහනවලින් වාහන දහසය දහසකට අධික ප්‍රමාණයක් මම ක්‍රමය. භාවිත කරන බවත් ඔහු පවසා සිටියේය.

මේ නිසා මෙම ක්‍රමය තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා www.etway.lk වෙබ් අඩවිය තුළින් මෙම පහසුකම ලබාගැනීමට අවස්ථාව ලබා දී තිබෙන බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.  මීට අමතරව පෑලියගොඩ තොරණ හන්දියේ පිහිටි පාරිභෝගික මධ්‍යස්ථානයෙන් හා ජාඇළ හුවමාරුවේ පිහිටි මධ්‍යස්ථානයේදී මෙම පහසුකම් ලබාගත හැකි බවත්, ඉන්පසුව වාහනයට ඇන්ටනාවක් සවිකර අදාළ මුදල අය කරගන්නා බවත් හෙතෙම පවසා සිටියේය.