http://www.gossiplankanews.com/2018/10/indonesia-air-port-hero.html
සුගියදා මහත්  විනාශයකට ගොදුරුවූ ඉන්දුනීසියාවේ සුලවේසි දූපත ආශ්‍රිත භූමිකම්පන හා සුනාමි තත්ව අතරේ තමන්ගේ දිවි කැප කරගෙන අනුන් වෙනුවෙන් මියගිය සුවිශේෂ පුද්ගලයෙකු ගැන විවිධ වාර්තා මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
භූමි කම්පාව ඇතිවූ අවස්ථාවේ පලු අන්තර්ජාතික ගුවන් තොටුපොළට කම්පනය ඉතාමත් දරුණු ලෙස බලපෑ අතර එත් සමග
ගුවන් තොටුපොළේ සිටි සියලුම සේවකයින් වහ වහා ඉතාමත් කඩිනමින් තම තමන්ගේ ජීවිත රැකගෙන පළායන්නට මාන බලා තිබුණි.
එහෙත් ඒ අවස්ථාවේත්  ගුවන් තොටුපොළේ මගින් සිය ගණනක් සහිතව BATIK ගුවන් සේවයට අයත් අංක 6321 දරන ගුවන් යානය ගුවන් පථය තුල පිටත් වීමට සියලුම කටයුතු සුදානම්ව තිබීමත් යම් හෙයකින් කම්පන තත්වය මත එම යානයේ මගීන් සියල්ලටම අනතුරක් වන්නටත් ඉඩක් පැවතිණි.
 මෙහෙයුම් පාලක මැදිරිය සමග සම්බන්ධ කම් පවත්වමින් සිටි පළපුරුදු සේවකයින් භූකම්පනයත් සමග ගුවන් මෙහෙයුම් මැදිරියෙන් ඉවත්ව ගියත් 21 හැවිරිදි අන්තොනියුස් ගුනවැන් ට එසේ යාමට සිත ඉඩදී තිබී නැත.
දිගින් දිගටම පිටත් වෙන්න යයි අනතුරු සංඥා දැන්වුවත් තම කාර්යය නිම කරන තුරු ඔහු රැඳි සිටියේය.

තම සහෝදර සේවකයින් භූමිකම්පාව ඇතිවීමත් සමග ගුවන් තොටුපොලෙන් පිටත්ව ගියත් 21 හැවිරිදි අන්තොනියුස් ගුනවැන් මෙහෙයුම් පාලක මැදිරියේ රැදී සිටිමින් තම ජීවිත අවදානම කැප කළේය.
 ඔහු ගුවන් යානයට පිටත් වීමට අවශ්‍ය සියලු උපදෙස් කඩිනමින් ලබාදෙමින් සිට ඇත්තේ මතුවිය හැකි අන්තරාය වැළැක්වීම ගැන ඔහුට වගකීමක් ඇති බව සිතුණ නිසාය.
නමුත් අවාසනාවකට ගුවන් යානය ඉහලට එසවීමත් සමගම මෙහෙයුම් මැදිරියේ සිටි අන්තොනියුස් ගුනවැන් සිටි ගොඩනැගිල්ල පුපුරා ගොස් තිබූ අතර සෙලවෙමින් තිබුණ ගොඩනැගිල්ල  කඩා වැටීමේ අවදානමක් ඇතිව තිබී ඇත.
 ඔහු එක්වරම 4වන මහලෙන් බිමට පැන්නේය..එසේ බිමට පැනීමේදී පාදයක් හා අතක්ද කැඩී ගොස් තිබු අතර ඊට අමතරව සිරුරේ අභ්‍යන්තරයේ තුවාලද සිදුවිය. පසුව ඔහුව අාසන්න වෙද්‍ය මධ්‍යස්ථනයට ගෙන ගොස් ප්‍රතිකාර ලබා දුන්නද වැඩි දුර ප්‍රතිකාර අවශ්‍ය වූ හෙයින් රෝහලක් කරා ගෙන යාමට හෙලිකොප්ටරයක් පැමිණෙන තුරු ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටියේය.
නමුත් හෙලිකොප්ටරය පැමිණීමට මිනිත්තු 20 කට පෙර ඔහු ජිවිතයට සමු දුන්නේය. මගින් සිය ගණකකුගේ දිවි බේරා ගැනීමට අනුපෙම්ය සේවයක් කල  එඩිතර විරෝධාර තරුණයා තම දිවියට එලෙස සමු දුන්නේය
මෙසේ ගුවන් ගමන් පාලක අන්තොනියුස් ගුනවැන් සියගණනක් ගුවන් මගීන්ගේ දිවි බේරමින් ද තම සේවය වගකීමෙන් උපරිම ලෙස සලසමින්ද අවසානයේ තමන්ගේ දිවි පුදා තිබුණි.
ඔහු අවස්ථානුකූලව හැසිරෙමින් කටුයුතු කල ආකාරය ලෝකයේම පැසසුමට භාජනය විය.
භූමිකම්පාවෙන් පසුව කළ සොයා බැලීමේදී ගුවන් පථයේ මීටර 250 පුරාවට ඉරිතැලීම් සිදු වී ඇති අයුරුත් ගුවන් ගමන් පාලක අන්තොනියුස් ගුනවැන්, කඩිනම් ක්‍රියාමර්ග නොවන්නට බරපතල අනතුරක් වීමට ඉඩ තිබී ඇති බවත් අනාවරණය විය.
ගුවන් පථයේ ඉරිතැලීම්  හා ඔහු බිමට පැන්න මෙහෙයුම් ගොඩනැගිල්ල මේ සමග ඇති ඡායාරූප වල දැක්වේ.