ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ පිරිස් ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් ඇති බව පැවසුවේ යැයි මාධ්‍ය හරහා වාර්තා වූ ඉන්දීය ජාතිකයා මානසික
රෝගයකින් පෙළෙන බව

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඉන්දියානු ජාතික  සැකකරු පවසා ඇත් නාමල් කුමාර විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡා අනුව, අදාළ දුරකථන සංවාදවලට අනුව හා  මාධ්‍යවල පළවූ වාර්තාවලට අනුව වීවිධ පුද්ගලයන් කිහිපදෙනෙකුට තර්ජන තිබූ  බවට තමන්ට දැනුණු බව යැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අදාළ ඉන්දියානු ජාතිකයා නාමල් කුමාර නමැත්තාගේ නිවසට ගොස් ඇත්තේ මෙම සිද්ධිය පිළිබඳ විමසීමට බවත්, ඉන්දියානු ජාතිකයා නාමල් කුමාර මහතාගේ නිවසට නිතර ගිය බවට ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට දැනුම් දීමෙන් පසු සැකකාර ඉන්දියානු ජාතිකයා අත්අඩංගුවට ගත් බවද හෙතෙම පවසා සිටියේ.

අපරාධ පරීක්‍ෂණ සිදපාර්තමේන්තුව විසින් පෙරේදා (25දා) 'බී' වාර්තාවක් මගින් මේ පිළිබඳ හා විමර්ශන පිළිබඳ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබු බවත්, ඝාතන සැලැස්මක් පිළිබඳ 'බී' වාර්තාවේ සඳහන් නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අදාළ පුද්ගලයා රදවා තබාගන ප්‍රශ්න කරන බවද හෙතෙම පවසා සිටියේය.