කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුට ඔක්තෝබර් මස මුල් සතියේ යෙදී ඇති දින හතරක විදෙස් සංචාරයක් සදහා රුපියල් මිලියන 2ක් වැය කිරීමට එකී අමාත්‍යාංශය මේ වන විට කටයුතු
යොදා ඇතැයි

අගමැති කාර්යාල ආරංචි මාර්ග හෙළි කළේය.

මෙම මිලියන දෙකෙන් අදාළ රාජ්‍ය අමාත්‍යවරයාගේ ගුවන් ටිකට් පතට පමණක් රුපියල් මිලියනයක් වැය කිරීමට සිදුව ඇති බවද වාර්තා වේ. ඔක්තෝබර් මස මුල් සතියේ එම රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස විදේශ ගත වන්නේ බ්‍රිතාන්‍යයට සහ බංග්ලාදේශයටය. ඔහු බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර රැඳෙන්නේ එක් දිනක් පමණක් වන අතර ගුවන් ටිකට් පත 'බිස්නස් ක්ලාස්' එකක් වන බවද ඉහත ආරංචි මාර්ග සනාථ කළේය. කෙසේ වෙතත් අදාළ සංචාරය එම රටවලින් සිදුකළ  ආරාධනාවකට අනුව සිදුවන්නක් නොවන අතර සිදු කරන ලද ඉල්ලීමකට අනුව ලැබී ඇති සංචාරයක් බවද  එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.


-රුචිර දිලාන් මධුසංඛ-