https://www.gossiplankanews.com/2018/09/janith-dimantha-train-help.html#more
මිනිසුන් වෙනුවෙන් ඉදිරිපත්වී තමන් දන්නා දෙයින් අවස්ථානෝචිතව උදව්වක් ලබාදුන් තරුණයෙකු පිළිබඳ පුවතක් පසුගියදා වාර්තා විය. යාපනයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වු අoක 4021 දරන නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය ඉකුත් 19 වැනිදා කාර්මික දෝෂයකට ලක් වි

දුම්රිය කාර්මික ශිල්පීන්ටද යථා තත්වයට පත් කළ නොහැකිවීමෙන් මහාගල්කඩවල කැලැබැද ප්‍රදේශයේදී නතරවී තිබෙන අතර මගීන් දැඩි අපහසුතාවට පත්ව ඇත.එහි පැමිණි දුමිරිය කාර්මික ශිල්පීන් විනාඩි 45ක් පමණ උත්සාහ කළ ද දෝෂය නිවැරදි කිරීමට හැකිවී නැත.

ඒ හේතුවෙන් මෙම දුම්රිය වෙනත් දුම්රිය එන්ජිමක් මගින් ගල්ගමුව දුම්රිය ස්ථානය දක්වා ගෙන ගොස් එතැන සිටි කොළඹ කොටුව දුක්වා ගමන් කිරීම සඳහා මගීන්ට ගමන් පහසුකම් සලසන බව දුම්රිය බලධාරීන් මගින්ට දැනුම් දී ඇත.

විශාල බෑග රැගත් විදේශිකයින් ඇතුළු මගීන් රැසක් දුම්රියේ සිට ඇති අතර රාත්‍රියද උදාවෙමින් තිබූ බැවින් ඔවුන් මුහුණ පා ඇති දැඩි අසීරුතාවකටය. ඒ අවස්ථාවේ මගීන් අතර සිටි සිසුවකු ඉදිරිපත් වී එම් දෝෂය යථා තත්වයට පත්කිරීමෙන් පසු දුම්රිය යළිත් ධාවනය කිරිමට හැකි වී තිබේ.

මෙලෙස එම දුම්රිය දෝෂය නිවැරදි කර ඇත්තේ මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යාපනය ලබා මේ වනවිට පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් වැඩිදුර අධ්‍යපනය හදාරන ජනිත් දිමන්ත විතානාරච්චි නමැති සිසුවෙකි.
මෙම දුම්රිය එදින පස්වරු 4.27ට අනුරාධපුරයෙන් පිටවිමේ පසු  කැළෑබද ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වූ අවස්ථාවේ දුම්රිය කාර්මිකයින්ටද ැබරිවූ දෙය සිසුවා සිදු කර ඇත්තේ මිනිත්තු 20 ක් වැනි කාලයක් තුළය.
 මෙම සිසුවා ඉදිරිපත් වී තමාට දෝෂය නිවැරදි කළ හැකි බව  ශිල්පීන්ට පවසා සිටි විට එම අවස්ථාව ලබා දීමට ඔවුන් එකඟවීම නිසා දෝෂය නිවැරදි කරන්නට ඔහුට හැකි විය. අනතුරුව දුම්රිය නියමිත ගමනාන්තය දක්වා ධාවනය කළ හැකිවූ අතර ඒ ගැන දුම්රිය නිලධාරීන් මෙන්ම
 මගීන් එම සිසුවාට ස්තූති කර තිබේ.