https://www.gossiplankanews.com/2018/09/damith-asanka-prisned.html#more
නප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක බීමත්ව කලහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතකර තිබේ.
වැල්ලවාය ප්‍රදේශයේ ඔහුගේ නිවසේදී
මත්ද්‍රව්‍ය පානය කර  කලහ කලේ යයි

අසල් වාසීන් විසින් පොලීසියට කළ පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ඔක්තොබර් 09 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙයි.
මෙහිදී ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගෙන මෙම ගායන ශිල්පියා මානසික වෛද්‍යවරයෙකුටද යොමු කරන්නැයි නියෝගයක්ද අධිකරණය නිකුත් කර ඇත. ඔහුව මේ වනවිට මොණරාගල බන්ධනාගාරයේ රඳවා ඇත.
කාලයක් වේග රිද්මයේ ගීත ගායනය නිසා ප්‍රකටවූ දමිත් පසුගියදා ප්‍රකාශ කර තිබුනේ ප්‍රසංග වේදිකාවෙන් සමුගන්නා බවත් ආගම දහමට නැඹූරුවී ඉදිරි ජීවිතය ගෙන යන බවත්ය.
දැනට බීමත්ව කලහ කර බන්ධනාගාර ගතව සිටින දමිත් පුවත්පතකට පසුගියදා මෙසේ කියා තිබුණි.

 ඔබ ආගම දහමට වැඩි වශයෙන් යොමුවෙච්ච බවක් පෙනෙන්නට තිබෙනවා නේද?

 පසුගිය අවුරුදු කීපයක ඉඳන් බුද්ධ දර්ශනය පිළිබඳව අධ්‍යයනයක ඉන්නවා. ආගමට වඩා දර්ශනයටයි කිට්ටු වෙලා ඉන්නේ . දර්ශනය ඉගෙන ගන්න ඕන මුලින්. ඒ වගේම මගේ ලොකු අශාවක් තියෙනවා විශ්වයේ තියෙන ඇත්ත හොයාගන්න. ඒ පිළිබඳවත් මම අධ්‍යයනයක ඉන්නවා.