https://www.gossiplankanews.com/2018/09/igp-to-resign.html#more

 update 1.45 pm
පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට තනතුරින් ඉල්ලා අස්විමට අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කර ඇති බවට පළවු මාධ්‍ය වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය දන්වා තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධව ජනපති දන්වා ඇතැයි යන කාරණාව ගැන පැහැදිලි කිරීමක් තවම වාර්තා නොවේ.
මේ අතර අද පාර්ලිමේන්තුවේදී පොලිස්පති පූජිත් ජයසුන්දරට එල්ල වී ඇති චෝදනා පිලිබදව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් ක‍්‍රියාත්මක කරන බව
නලීන් බණ්ඩාර නීතිය හා සාමය බාර නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.
ඔහු කියා සිටියේ නීතිය හා සාමය ඇමති රංජිත් මද්දුමබණ්ඩාරගේ දැනුම් දීමක් මත අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම පරීක්‍ෂණ කරනු ඇති බවයි.
පොලිස්පතිවරයාට ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාද පවසා නැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා දන්වා ඇත.
update 9.20 am
ති දෙකක කාලයක් තුළදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දරට ජනධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇති බව
රජයේ ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධ ගැටලුව හා ඉන් පසුව පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්
පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ හා පිටත විවේචන රැසක් එල්ල විය.
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා

ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් කළ බවට චෝදනා ලැබ සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පොලිස්පතිවරයා සමඟ 17දා රාත්‍රියේ බෝධි පූජාවක් පැවැත්වීමට කැලණිය විහාරස්ථානයට ගොස් ඇති බව පාර්ලිමේන්තුවට හෙළි කළේ මන්ත්‍රී වාසුදේව නානායක්කාරයි.

ජනපති ඝාතන තැතකට සැකකරන අයෙකු සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සැහැල්ලුවෙන් ක්‍රියාකර නාලක ද සිල්වාට පොලිසියේ දඩුවම් ස්ථාන මාරුවක් නොව ප්‍රවර්ධන ස්ථාන මාරුවක් ලෙස තොරතුරු තාක්ෂණ ඒකකයට මාරු කර යැවීම ගැනද විවේචන මතුවූ අතර මේ වනවිට පොලිස් කොමිසමේ නිර්දේශයෙන් නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යවා පරීක්ෂණ සිදු කෙරේ.

"එවැනි පොලිස්පතිවරයකු යටතේ චෝදනා ලැබ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහිව සිදුකරෙන පරීක්ෂණ අපක්ෂපාතීව සිදුකළ නොහැකියි." චූදිත නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙරේදා රෑ බෝධි පූජාවක් තියන්න පොලිස්පති එක්ක කැලණි පන්සලට ගිහිල්ලා.
මේක ඉතා ප්‍රබල සම්බන්ධයක්. මෙහෙම පොලිස්පති කෙනකු එක්ක කොහොමද පරීක්ෂණ කරන්නේ. වහාම මේ පොලිස්පති ඉවත් කරලා පරීක්ෂණ පවත්වන කියල අපි ආණ්ඩුවට කියනවා යනුවෙන් වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී කියා තිබුණි. සති දෙකක කාලයක් තුළදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දරට ජනපති අගමැති දන්වා ඇත්තේ මෙම පසුබිම යටතේය.