දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලිනාට්‍ය මාලාව හැටියට සැලකෙන කෝපිකඩේ ටෙලි නාට්‍යයේ කුරුං ගුරුං චරිතය රඟපාන කේ . ඒ . පියකරු මහතාට මීට මාස කිහිපයකට පෙර  මතුවූ රෝගාබාධ තත්වයන්ට ප්‍රතිකාර
ලබාගැනීමට අවශ්‍යවී තිබේ.

මූල්‍ය දුෂ්කරතාවන් එයට හරස්වී ඇත. ඒ වෙනුවෙන් ප්‍රසිද්ධ ස්ථානවලට  ඔහුට හිතවත් පිරිස් ගොස් ආධාර මුදල් එකතු කරනු ලබන අතර මේ සමග පළවන්නේ මිහින්තලේ සති පොළක් අසළ ඔහු ගොස් අධාර එකතු කරද්දී ඔහුද ඒ අසළ සිටින අයුරුය.