https://www.gossiplankanews.com/2018/09/hirunika-in-police.html#more
පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වාසය කරන හෝකන්දර අරංගල ප්‍රදේශයේ පිහිටි නිවසට පසුගිය ඉරිදා රාත්‍රිෙය් කිසියම් සොරුන් කණ්ඩායමක් ඇතුළුවී වටිනා කියන දෑ සොරාගෙන ගොස් ඇතැයි පවසමින් ඇය සැමියා සමග අතුරුගිරිය පොලිසියට පැමිණ
පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.‍ සිද්ධිය වන අවස්ථාවේ හිරුණිකා ඇගේ සැමියා හා දරුවාද නිවසේ තද නින්දේ සිට ඇත.
නිවස බින්ද සොරා අල්මාරියක තිබූ රුපියල් ලක්ෂ 3කට අධික වටිනාකමක් ඇති රන් බඩු, ඔරලෝසුවක් ඇතුළු දෑ සොරාගෙන ගොස් තිබේ.
මෙම නිවසට පැය 24ක් පුරා

පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබියදිත් ඉකුත් ඉරිදා (23) රත්‍රියේ මෙම සොරකම සිදුව තිබීම ගැටලුකාරී බව හිරුණිකා මහත්මිය පොලිසියට දන්වා තිබේ.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසන්නේ ඉකුත් ඉරිදා රාත්‍රියේ නිවසේ ඉදිරි තාප්පය දිගේ පැමිණි සොරකු පිටුපස පැත්තෙන් නිවසේ උඩුමහලට ජනේලයකින් ඇතුළු වි ඇති බව සීසීටීවී දර්ශන වලින් පෙන්නුම් කරන බවයි. මේ ගැන පඍීක්ෂා කළ පොලිසියට එසේ එන සොරා
උඩුමහලේ කාමරයකට ඇතුළු වී ඇති බවට තොරතුරු හෙළි කරගත හැකිවී ඇත. සැකකරු එහි කාමරයක තීබු අල්මාරියේ දොර නියනකින් විවෘත කර තිබෙන බවද පොලිසි පරීක්ෂණ වලින් හෙළිව ඇත.
එහි තිබු ස්වර්ණාභරණ සහිත පෙට්ටි හා අත් ඔරලෝසුව සොරාගෙන ගොස් ඇති බව කියැවේ. නිවසින් සොරාගත් ස්වර්ණාභරණ පෙට්ටිවල තිබූ රන්බඩු රැගෙන එම හිස් පෙට්ටි හා දොර ඇරීමට යොදාගත් නියත යාබද හිස් ඉඩමක දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන ඇත.මෙම සිද්ධිය වන අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දරුවා හා ඇයගේ සැමියාද නිවසේ සිට ඇති අතර උදේ අවදි වී බලද්දී මෙම සොරකම දැක තිබේ.
අතුරුගිරිය පොලිසිය සිද්ධිය සමිබන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.