https://www.gossiplankanews.com/2018/09/come-on-sir-maharagama.html

හරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් හෙවත් ‘සර්‘ සේවකයින්ට පහරදී දණගැස්වීමේ සිද්ධියක් නිසා නැවත කථාබහට ලක්ව තිබේ.
නගර සභාවේ විදුලි අංශයේ කම්කරුවන් සිව්දෙනකු වැඩ අවසන් කිරීමෙන් පසු සිය නිවෙස් බලා යන අතරතුර
අවන්හලකට ගොස් මත්පැන් පානය කරමින් සිට ඇති අතර සභාපතිවරයා එම ස්ථානයට පැමිණ එම කම්කරුවන්ට පහරදී ඔවුන්ව නගරසභා කාර්යාලය වෙත ගෙන ගොස්  දණගස්වා තිබෙන බවද වාර්තාවේ.
නගර සභාවේ විදුලි අංශයේ කම්කරුවන් සිව් දෙනාට අත්වූ ඉරණම හේතුවෙන්

අද දින විදුලි කාර්මික අංශයේ සේවකයින් සේවයෙන් ඉවත්වීමටද තීරණය කර ඇති අතර නගර සභාවේ සියලු අය සේවය නවතා විරෝධතාවයක්ද අරඹා ඇත.

කෙසේ වෙතත් ටිරාජ් ලක්රුවන් කියන්නේ එවන් පහරදීමක් තමන් නොකළ බවය. බීමත්ව සේවයේ යෙදෙමින් සිටි කම්කරුවට අවවාද කළ බවය. නමුත් සේවකයින් සේවා කාලයෙන් පිටතදී බීමත්වීම සභාපතිවරයාට ගැටලුවක් වන්නේ කෙසේදැයි ඔවුන් ප්‍රශ්න කර ඇත.

 තමන්ට “සර්” කියා අමතන ලෙස ටිරාජ් ලක්රුවන් පරිගණකයෙන් සකස්කළ ලිපියක් නගර සභාවේ අළවා තැබීම නිසා ඒ ගැන පසුගිය කාලයේ මාධ්‍ය තුළද ආන්දෝලනාත්මක කථාබහක් ඇතිවූ අතර පසුව එම චෝදනාවටත් ඔහු කියා සිටියේ තමා එසේ නොකළ බවයි.

මෙම සර් කියවගන්නා මුල් සිද්ධිය මාධ්‍ය තුළ ප්‍රචාරය වූ පසුව ටිරාජ් නගර සභාවේ ඇවිදිමින් ඔබ මොබ යද්දී ඔහුට නොපෙනෙන නමුත් ඇසෙන තැන්වල සිට සේවකයින් ‘කමෝන් සර්‘ ,‘අයි ඇම් සර්, ‘හායි සර්‘ ආදී යෙදුම් උස් හඩින් අමතා කෑ ගසා තිබෙන අතර මේ නිසා එවැනි උසුළු විසුළු කම් කරන සේවකයින් කෙරෙහි නගරාධිපතිවරයා කෝපයෙන් සිටි බවද වාර්තා විය.මෙම පහරදීම් කර ඇත්තේ එවැනි හේතුවක් මතද යන්න සැකයක් මතුවේ.