පසුගියදා පැවති ජනබලය රැළියේදී ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධ ගැටලු කාරී ලෙස හැසිරෙමින් එම කාර්යයන්ද තමාට පවරාගත් විජමු ලොකුබණ්ඩාර පුතු උදිත් ලොකු බණ්ඩාර  හෙවත් ‘මහින්දගේ මෝඩ යකා‘ දෝෂදර්ශනයට ලක්ව ඇතැයි විමල් වීරවංශට අයත් වෙබ් අඩවිය මගින් හෙලි කර තිබේ. එහි මෙසේ දැක්වේ.

----උපුටාගැනීම---
‘මෝඩ යකෙක් අන්න අරහෙට වෙලා ඉන්නවා’ යයි මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිගෙන් මෑතකදී ප‍්‍රසිද්ධියේ බැණුම් ඇසූ පුද්ගලයාට ජලබල විරෝදතාවයේදී හැසිරීම සම්බන්දයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් දැඩි ලෙස දොස් පවරා ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

මහින්ද රාජපක්‍ෂ මහතා ගමන් ගත් රියේම නැගී ආරාක්‍ෂකයන්ගේ රාජකාරි පවරා ගනිමින් කටයුත කල ආකාරය සම්බන්යෙන් හිටපු ජනාධිපතිවරයාට පාර්ශවයන් ගණනාවකගෙන් ලද විවේචනාත්මක අදහස් හේතුවෙන් රාජපක්‍ෂ මහතා ඔහුට දැඩිව දොස් පවරා ඇති බවද වාර්තාවන්හි දැක්වෙයි.
තම ආරක්‍ෂක රාජකාරිය නිසි පරිදි සිදු කිරීමට මෙම කටයුත්ත බාධාවක් යයි රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂකයන් විසින් අවස්ථා ගණනාවකදීම පැමිණිලි කර ඇති බවද සදහන්ය.
ප‍්‍රභූ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ප‍්‍රමාණික පුහුණුවක් ලද, විටින් විට ඒවා යාවත්කාලීන කරන හා නිතර අභ්‍යස කරන ප‍්‍රභූ ආරක්‍ෂකයින් ගණනාවක් රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාවට යොදවා සිටී.
මෑතකකදී හිටපු ජනාධපතිවරයා විසින් ‘මෝඩ යකෙක්’ යයි කරන ලද දොස් පැවරීම සමාජ ජාලයන්හි මහත් ලෙස ජනප‍්‍රිය විය.
එතැත් සිට සමාජ ජාලාවන්හි ඔහු හැදින්වෙන්නේ ‘මෝඩ යකා’ ලෙසයි.