දුම්රිය රියදුරෙකු රුපියල් ලක්ෂ 02කට වැඩි වැටුපක්  ලබාගන්නා බවත්, ඔවුන් පැය 500කට වඩා අතිකාල දීමනා ලබාගන්නා බවත් රාජ්‍ය පරිපාලන හා නාස්තිය, සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.  උසස් පෙළ විභාගය පැවැත්වෙමින් තිබියදී ළමයින්ට බලපෑම් කරමින්
වැඩවර්ජනය කිරීම අනුමත කළ නොහැකි බවද අමාත්‍යවරයා පැවසුවේ ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

දුම්රිය රියදුරෙකු රුපියල් ලක්ෂ 02කට වැඩි වැටුපක් 

ලබාගන්නා බවත්, ඔවුන් පැය 500කට වඩා අතිකාල දීමනා ලබාගන්නා බවත් රාජ්‍ය පරිපාලන හා නාස්තිය, සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.  උසස් පෙළ විභාගය පැවැත්වෙමින් තිබියදී ළමයින්ට බලපෑම් කරමින් වැඩවර්ජනය කිරීම අනුමත කළ නොහැකි බවද අමාත්‍යවරයා පැවසුවේ ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.


''බොරු බියක් ඇති කර තිබෙන්නේ. දුම්රිය රියදුරක් මාසකට ලක්ෂ දෙකක් විතර පඩිගහ්නවා. ඔවර්ටයිම් පැය 500ක් ගන්නවා. එයාලා තමයි මේ කතා කරන්නේ ,  උසස් ශපළ විභාගය තිබද්දී ළමයින්ට බලපෑම් කරන්න මේ රියදුරන් කරන වැඩේ කොච්චර කැතද බලන්න. මේ අයගේ වත්තීය සමිති කරන කැත වැඩ නිසා ජනතාව අද කුපිත වෙලා'' යැයි පැවසීය.

 මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා,

"රජයේ දෙපාර්තමේන්තුවක් වන දුම්රිය දැන් ඇනහිටලා. දුමිරියේ ප්‍රශ්නයක් තිබිලා ගිය සතියේ ඒකට විසඳුම ලෙස අමුණුගම  ඇමතිතුමා කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කළා. ඒක අනුමත කළා. නමුත් ඊයේ කැබිනට් මණ්ඩලය එය අහෝසි කළා. අමාත්‍යංශ ලේකම් තුමා කලින් සුමානයේ ලබාදුන් දේ ඊයේ අහෝසි කළ බව දැනුම්දීමෙන් පසුව මුළුමනින්ම අර්බුදකාරී ලෙස ගැටලුවකට පත්වෙලා තිබෙනවා” යැයි කියා සිටියේය.