බලන්ගොඩ වැලිගෙපොල පොල්ලමුරේ ප්‍රදේශයේ විහාරස්ථානයක  තිබු  වතුර මෝටරයක්,ලි ඉරන මැසිමක් සහ ග්යින්ඩරයක්  සොරකම් කළ  එම  විහාරස්ථානයේ වැඩ සිටි
  ස්වාමින්වහන්සේලා දෙනමක් අද (15)දා වැලිගෙපොල පොලිිසිය විසින් අත්අඩංගුවට ගෙන  ඇත. විහාරස්ථානයේ තිබු  එම උපකරණ  නැති වි  ඇතැයි  එම  විහාරස්ථානයේ  විහාරාධිපති හිමියන් විසින්  වැලිගෙපොල පොලිියිය වෙත  පැමිණිල්ලක්  කර   ඇත. පසුව  පොලිසිය විසින්  එම  හිමිවරැන්ගේ

දෙමාපියන් පදිංචි  බලන්ගොඩ සිිලගම  නිවසක  තිබි  මෙම  උපකාරක සොයාගෙන ඇත.

මෙම හිමියන්  දෙදෙනා අවේලාවෙි   දානය  වළදා  ඇති බවත් මෙි  හේතුවෙන්  විහාරාධිපති හිමියන්  විසින්  අවවාද   කිරීමකට කෝප  වි  මෙම  හොරකම  මෙම  හිමියන්   දෙදනා  විසින්  සිදු  කර ඇති බවත් වාර්තා විය.
සැකකාර  හිමිවරුන් දෙදෙනා   අද (15) බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්  දේශබන්දු සුරියපටබැදි මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව  එක්  හිමිනමකට  රැපියල් ලක්ෂය  බැගින්   රුපියල් ලක්ෂ දෙකක
ශරිර ඇප  මත  මුදා  හරින  ලෙස නියෝග   කළේය. මෙම  හිමිවරුන් දෙදෙනා වෙනුවෙන්  අධිකරණයේ  පෙනි  සිටියේ  නිතිඳ  අරුනි ගමනේ  මහත්මියයි.

විස්තර - බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන