මෙම විවාහක පුද්ගලයා මීට වසර 08 ට පෙර නීත්‍යනුකූලව විවාහ වූ අයෙක්‌ බවත් එහිදීද බිරිඳ සමඟ විවාහවීමේදී ව්‍යාජ නමක්‌ ලබාදී ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇත.


 කාන්තාවන් විවාහ කරගන්නා බවට පොරොන්දු දී මුදල්, රණ්‌භාණ්‌ඩ වංචා කළ පුද්ගලයා රත්නපුර ඇහැලියගොඩ, තොරණගොඩ ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙක්‌ බව හෙළිකරගෙන තිබේ. මොහු විසින් ඇහැලියගොඩ පදිංචිව සිට මියගිය විඡේනායක නමැති කෝටිපති ව්‍යාපාරිකයාගේ පුත්‍රයෙක්‌ බවත් තමා සිවිල් ඉංජිනේරුවෙක්‌ වශයෙන් ව්‍යාපෘතිවල සේවය කරන බවට පෙනීසිටිමින් මෙම වංචාවන් සිදුකර ඇතැයිද හෙළි කරගෙන තිබේ.


 සැකකරුට හසුවූ කාන්තාවන් අතර රජයේ සේවිකාවන්, ගුරුවරියන්, ඇතුළු විවාහ අසාර්ථකවූ විවිධ කාන්තාවන් සිටින බවත් ඇතැම් කාන්තාවන් රජයෙන් ලබාදෙන ණයමුදල් පවා ලබාගෙන මොහුට ලබාදී ඇතැයි විමර්ශනවලදී හෙළිවී ඇත.

 සැකකරු අත්අඩංගුවට ගන්නා විට කාන්තාවකගෙන් ලබාගත් මෝටර් රථයක්‌, ලැප්ටොප් යන්ත්‍රයක්‌ සහ රුපියල් 50,000 ක පමණ මුදල් සන්තකයේ තිබී සොයාගෙන තිබේ.

කාන්තාවන් විසින් මංගල යෝජනා සඳහා පුවත්පත්වල පළ කරන දැන්වීම්වල අංකවලට ඉංජිනේරුවකු ලෙස පෙනී සිටිමින් ඇමතුම් ලබාදී කාන්තාවන් විවාහ කරගන්නා බවට පොරොන්දු වී කාන්තාවන් 50 කට වැඩි ප්‍රමාණයකගේ මුදල් දේපළ වංචා කළ 37 හැවිරිදි විවාහක පුද්ගලයකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් ඊයේ (14 දා) පූගොඩ මීගහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.