කුකුළු මස් සහිත කෑම පැකට්ටුවක මිල ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය සුදානම් වේ.  එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් ප්‍රකාශ කළේ
ඉන්ධන මිල ඉහළ

යැමත් සමඟම කුකුළු මස් වලද මිල ඉහළ ගිය අතර එම මිලට සාපේක්ෂව කෑම පැකට්ටුවක මිල වැඩි කිරීමට සිදුවන බවයි. ඒ මහතා සඳහන් නළේ  කුකුළු මස් කිලෝවක් මේ මොහොතේ අලෙවි වන්නේ රුපියල් 580- 600ත් අතර වුවත් එකී මිල නොතකා විවිධ මිල ගණන් යටතේ අලෙවි වන බවත් ඒ තුළද වැඩිපුර ඇත්තේ අයිස්  කුට්ටි අඩංගු කර බවත්ය.

මෙම ගැටලුව නිරාකරණය කිරීමට නම්  පාරිභෝගිකයා දෛනිකව මිලදී ගන්නා භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩ ලෙස නම් කළ යුතු අතර සතියෙන් සතිය එහි මිල පාලනයට ලක් කළ යුතු බවද හෙතෙම කීය.

-අනුරාධා හේරත්-