පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් රට හැරගොස් විදෙස්ගතව සිටින සියලු ජනතාවට නැවත රටට පැමිණෙන ලෙස ආරාධනා කර සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
 සියලු ජන කොටස් අතර සංහිඳියාව ඇති කිරීමට රජය සියලු පියවර ගෙන ඇති බවත්, නැවත පදිංචි කරනු
ලබන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබා  දීමට රජය ප්‍රමුඛතාව ලබා දී කටයුතු කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ  පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී චාර්ලස් නිමලනාදන් මහතා විසින් අසන ලද ප්‍රශ්නයක් සඳහා පිළිතුරු ලබාදෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ

අග්‍රමාත්‍යවරයා,

 "2010 වසරේ සිට, ඉන්දියාවේ සිට සිය කැමැත්තෙන් මෙරටට සරණාගතයන් 9,509 දෙනෙක් එක්සත් ජාතීන්ගේ සරණාගත සංවිධානයේ අනුග්‍රහය යටතේ පැමිණ ඇති අතර, මෙම සරණාගතයන් සඳහා නොමිලේ ගුවන් ටිකටිපන්ද, පහත සඳහන් දීමනාව ලබා දීමට කටයුතු කර තිබෙනවා.

 සමාජගත කිරීම සඳහා දීමනාවවයස අවුරුදු 18ට වැඩි පුද්ගලයෙකු සඳහා රුපියල් 10,000ක්, සමාජගත කිරීම සඳහා දීමනාව වයස අවුරුදු 18ට අඩු පුද්ගලයෙකු සඳහා රුපියල් 7,500ක්, ප්‍රවාහන දීමනා එක් පුද්ගලයෙකුට රුපියල් 2,500ක්, වෙනත් දීමනා එක් පුද්ගලයෙකුට රුපියල් 5,000ක්, මෙරටට පැමිණි විගස එක් පවුල් ඒකකයකට රු. 5,000ක් වශයෙන් දීමනා ලබා දී තිබෙනවා.

එසේම මෙම සරණාගතයන් මෙරටට පැමිණ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග ලියාපදිංචි වීමේදී

තාවකාලික නිවාස සඳහා හා මෙවලම් හා උපකරණ සඳහා එක් පවුලකට රුපියල් 28,000 බැගින් ලබා දී තිබෙනවා. එසේම දැනට් තමිල්නාඩු සරණාගත කඳවුරුවල ජීවත් වන සරණාගතයන් 3,815 දෙනෙකු මෙරටට පැමිණීමට කැමැත්ත පළකර ඇති බව ඉන්දියානු රජය විසින් අප වෙත දන්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින් විදේශ කටයුතු අමාත්‍යංශය වෙත සරණාගත පිරීසේ සියලු තොරතුරු ලබා දී තිබෙනවා.

සරණාගතයන් සතු උපකරණ හා බඩු භාහිරාදිය ඔවුන් සමග මෙරටට ගෙන්වා ගත යුතු හෙයින් මුහුදු මගින් ප්‍රවාහන කටයුතු සූදානම් කිරීමට සිදුවී තිබෙනවා. ඉන්දියානු රජය ඒ සඳහා නාවික ප්‍රවාහන පහසුකම් ලබා දීමට මේ වන විට එකඟතාව පළකර තිබෙනවා.

දැනට තමිල්නාඩුව තුළ ජීවත් වන ශ්‍රී ලාංකික සරණාගතයන් හා ඔවුන්ව ඉන්දියාවේදී උපන් දරුවන්ගේ උප්පැන්න සහතික, පුරවැසි සහතික, ගමන් බලපත්‍ර ආදී ලියකියවිලි මේ වන විට චෙන්නායිහි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාර්ස් කාර්යාලය හරහා ලබාදෙමින් පවතිනවා.

මව්බිමට පෙරලා පැමිණෙන පුද්ගලයන්ට ස්ථිර ඉඩම්, නිවාස හා අවශ්‍ය ජීවනෝපාය ආධාර, ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට  අවශය කටයුතු සඳහා පහසුකම් සැලසී සම්බන්ධයෙන් නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය විසින්  අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා"යැයි පැවසිය.