සාම්පුර්, සංතෝසපුරම් ප්‍රදේශයේදී  යතුරුපැදියකින් ගමන් කළ පාසල් ගුරුවරියක ඝාතනය කර රන් භාණ්ඩෙ කොල්ලකෑමේ සිද්ධියකට වරදකරුවන් වූ දෙදෙනෙකුට ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එම්, ඉලංචේලියන් මහතා මරණ දඩුවම නියම කළේය.

මෙලෙස මරණ

දඬුවම නියම කෙරුණේ සංතෝසපුරම් ප්‍රදේශයේ පදිංචි බාලසිංහම් නගුලේෂ්වර් (අවු.31) හා මුතුර්, වෙනවුර් ප්‍රදේශයේ පදිංචි විජේකුමාර් චන්ද්‍රපාල (අවු.24) නමැත්තන්ටය.

සංතෝසපුරම් ප්‍රදේශයේදී 2011 නොවැම්බර්  27 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී කුරුවේ සිංහම් ශ්‍රී වදනි (අවු.33) නමැති ගුරුවරිය වෙත තියුණු සහ මොට ආයුධයකින් පහරදී ඝාතනය කර රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් හතරදයිනකු අත්අඩංගුවට ගෙන මූලික නඩු විභාගය මූතුර් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග විය.

එම නඩු විභාගයේදී දණ්ඩ නීති සංග්‍රහය 296 වගන්තිය අනුව මරණය සිදුකිරීම් චෝදනාවට නීතිපති අධිචෝදනා ගොනු කිරීම පසුව නඩුව ත්‍රිකුණාමලය මහාධිකරණයට යොමුකර තිබුණි.  සියලු චෝදනා සැකයකින් තොරව ඔප්පු වු නිසා බාලසිංහම් සහ විජේකුමාර් යන අයට මරණ දණ්ඩනය නියම වූ අතර, අනෙක් සැකකරුවන් දෙදෙනාට එරහිව සාක්ෂි නොමැති වූ බැවින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් පැවසීය.