කාන්තාවන් හපා කන රිළවකු නිසා මහනුවර ගුරුදෙණිය ප්‍රදේශයේ ගම්වාසීහු දැඩි බියකින් පසුවෙති. ගුරුදෙණිය ප්‍රදේශයට පැමිණි රිළා රංචුවක සිටින එක් රිළවකු පසුගිය දින කිහිපය තුළදී මෙසේ කාන්තාවන් දුටු විට පන්නා ඇති අතර මේ වනවිට තිදෙනකු හපා කමට ලක්වී ඇත.  වයස අවුරුදු හතළිහක පමණ
කාන්තාවන් දෙදෙනකු

හා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුවියකද මෙසේ හපා කා ඇත. තවත් කාන්තාවන් කිහිපදෙනකු පසුපස පන්නා ඇති අතර ඔවුන් දිවගොස් බේරි ඇත.

 සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලිසියට දැනුම් දුන් පසු ඒ පිළිබඳ සොයා බලා ඇති අතර තලාතුඔය පොලිස් ස්ථානාධිපති විසින් ප්‍රදේශයට සම්බන්ධ වනජීවී කාර්යාලවලටද අදාළ සිද්ධිය පිළිබඳ දැනුම් දී ඇත. ප්‍රදේශයට භීතියක් වී ඇති මෙම රිළවා අල්ලා ඈත වනයකට හෝ ගෙන ගොස් දමන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. මේ වනවිට රිළා  වසංගතය මෙම ප්‍රදේශයේ ජීවත් වන්නන්ට මහත් හිසරදයක් වී ඇත.

-චමින්ද කුමාර-