https://www.gossiplankanews.com/2018/08/cctv-school-student-accident.html
යේ ගාල්ල මැදගම ප්‍රදේශයේ කහඉරි මතදී සිදුවූ අනතුරක් හේතුවෙන් සිසුවෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
ඊයේ (02) දහවල් 1.10 පමණ මැදගම ආදර්ශ විද්‍යාලය ඇසල සිදුවූ මෙම රිය අනතුර වෑන් රථ රියදුරුගේ අපරික්ෂාකාරී ධාවනය නිසා සිදුවූවකි. තම පියා දැකීමත් සමග දරුවා පාර මාරු වීමට
කහ ඉරි භාවිතා කරන නමුත්

මාර්ගය දෙපස නොබැලුවේය. ඔහු පාර මාරුවෙන්නට උත්සහ ගැනීමේදී මොරවක දෙස සිට නෙළුව දෙසට ධාවනය වූ වෑන් රථයක් ගැටී මෙම අනතුර සිදුවී තිබේ. සිසුවා තුවාල ලබා උඩුගම මුලික රෝහලට ඇතුලත් කල බව නෙළුව පොලිසිය පවසයි.
වැන් රථයේ පිරිසක්  විදේශගතවීමට සිටි පුද්ගලයෙකු කැටුව දෙනියායේ සිට කටුනායක ගුවන්තොටුපළ දක්වා රැගෙන යාමට යාමේදී මෙම අනතුර  සිදුවී ඇත.
අත්අඩංගුවට ගත් වැන් රථ රියදුරු පොලිස් ඇප මත  නිදහස් කර ඇති අතර දෙපාර්ශවයේ එකඟත්වය පැමිණ ඇත.
අනතුර සම්බන්ධයෙන් රිය අනතුරක් වලක්වා නොගැනීම යටතේ උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු සිදු කරන බව නෙළුව පොලිස් ස්ථාන්ධිපති පොලිස් පරීක්ෂක බුද්ධික පනාවල මහතා පැවසීය.
අනතුර සම්බන්ධයෙන් නෙළුව පොලිසිය පරීක්ෂණ පවත්වති.
එම අනතුර පාසල ඉදිරිපිට වෙළඳ සලක සවි කර තිබු cctv කැමරාවක දර්ශනය වී තිබුණි.


මොරවක  ප්‍රියංකර  ගමගේ/නෙළුව පියරත්න ජයවික්‍රම.