රම්පරාවෙන් වෙනත් අයකුට අයිතිවීමට තිබූ මහ ගෙදර තමා සතුකර ගැනීමේ අරමුණින් තමාගේ ගොළු සොහොයුරාගේ හිසට පොල්ලකින් ගසා මැරූ බවට සැක  පුද්ගලයකු කළුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය පසුගිය 01 වැනිදා බදුරලිය පොලිස් වසමේ මොරපිටියේදී අත්අඩංගුවට ගෙන ඇත. කළුතර දකුණ
පොලිස් වසමේ විජිත මාවතේ අගම්පොඩි රුවන් කුමාර නමැති 29 හැවිරිදි අයගේ මරණය පිළිබද සැකපිට ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන  37 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

දසමස් හැවිරිදි බිළිඳියකගේ පියකු වන මියගිය පුද්ගලයා ගොළු අයකු වන අතර ඔහු තම

පවුලේ මහගෙදර බිරිය සහ බිලිඳු දියණිය සමඟ ජීවත්වී ඇති අතර ඔහු ස්ථිර රැකියාවක් නොමැති අයෙකි.  පසුගිය සතියේ දිනක ඔහුගේ හිසට පොල්ලකින් පහරදීම නිසා මරණයට පත්වී ඇති අතර, ඔහුගේ මරණයට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීමට කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී  උපුල් නිල්මිණි ආරියරත්න, කළුතර සහකාර පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහත්වරුන්ගේ උපදෙස් අනුව කළුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් කළ පණීක්‍ෂණයේදී මියගිය අය  මරණය වූ අවස්ථාවේ ඇඳ සිටි  ඇදුම් සැකකාර සොහොයුරා සිටි පිළියන්දල ප්‍රදේශයේ වාඩියක තිබී හමු වී ඇත.

ඒ ඔස්සේ කරන ලද පරීක්‍ෂණයේදී පසුගිය 01 වැනිදා බදුරලිය පොලිස් වසමේ මොරපිටිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙම මරණය දේපළ සම්බන්ධ වූවක් බවට පොලිසිය සැක කරන අතර එම පවුලේ තවත් වැඩිමහල් සොහොයුරකු මීට කලකට පෙර සිට ආගිය අතක් නොමැති බවද පොලිස් පරීක්ෂණයේදී හෙළි වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දකුණු කළුතර පොලිසියට භාරදීමට නියමිතය.