හයිලෙවල් මාර්ගයේ ධාවනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් අවිස්සාවේල්ල පොදු සුසාන භූමිය අසලදී සිදු කළ හදිසි පරීක්ෂාවකදී  එහි තිබී උණ්ඩ පිර වූ මැගසිනයක් සමගින් විදේශීය රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් සහ එය රැගෙන ගමන් ගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයකු හා තවත් අයකු ත්‍රිරෝද රථයද සමගින්
08 දින සැකපිට

අත්අඩංගුවට ගන්නා ලදි. පොලිස් විශේෂ කාර්ය බළකායේ පූගොඩ කඳවුර පොලිස් විශේෂ කාර්ය බළකායේ පූගොඩ කඳවුරෙහි උප පොලිස් පරික්ෂක එස්. එම්. ජේ. සිල්වා මහතාට ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරී කණ්ඩායමක් අවිස්සාවේල්ල පොදු සුසාන භූමිය අසල රැක සිට අදාළ ත්‍රිරෝද රථ පරීක්ෂා කිරීමේදී මෙම සැකකරුවන් හා ගිනි අවිය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද එම කඳවුර පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්මලාන යුද හමුදා කඳවුරට අනුයුක්ත ඉංජිනේරු බළකායේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු වන 30 හැවිරිදි පුද්ගලයකු සහ අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පෞද්ගලික අංශයේ ආයතනයක රැකියාවේ නිරත පුද්ගලයකු වන බවත් එම සැකකරුවන් හා ගිනි අවිය මැගසිනයද සහ ත්‍රිරෝද රථය වැඩි දුර පරීක්ෂණ කටයුතු සඳහා අවිස්සාවේල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට බාර දුන් බවද පොලිස් විශේෂ කාර්ය බළකායේ පූගොඩ කඳවුරෙහි උසස් නිලධාරියෙක් පැවැසීය. එම සැකකරුවන් සහ නඩු භාණ්ඩ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අවිස්සාවේල්ල පොලීසියේ නිලධාරියෙක් පැවැසීය.

-නිසල් යොවිදු-