නා විත් ඕරා නමැති ජනප්‍රිය සංගීත කණ්ඩායමේ විදුලි ඕගන වාදන ශිල්පී ගිහාන් රත්නායක පසුගිය 7 වනදා මියගොස් තිබුණ අතර ඔහුගේ මරණය හා සම්බන්ධ සංකීර්ණ කතාවක් පිළිබඳ සැකකටයුතු කථාබහක් ඔහුගේ ෆේස්බුක් පිටුව ඔස්සේ මේ වනවිට විමර්ශනය වෙමින් පවතී.
32 හැවිරිදි වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම ශිල්පියා කිසියම් ව්‍යාපාරික ගැටලුවක් මත
මෙසේ මරණයට පත්වීම සියදිවි නසාගැනීමක්ද ඝාතනයක්ද යන්න තේරුම් කිරීමට අපහසු බව  ලැබෙන තොරතුරු වලින් අනාවරණය වේ.
ගම්පහ – ඔරුතොට මාර්ගයේ කළුපාලම අසළ පුද්ගලයෙකුගේ සිරුරක් ඇති බවට පොලීසියට ලැබුණ තොරතුරු මත කළ සොයාබැලීමේදී එසේ

මියගොස් ඇත්තේ  ගිහාන් රත්නායක බව හඳුනාගෙන තිබුණි.
 ඔහු සිය දිවි නසාගත් බවට  ප්‍රචාරයක් පැවතුණ නමුත් මෙම  මරණය සැක සහිත බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මෘතදේහය මේ වනවිට රාගම රෝහලේ තැන්පත් කර තිබෙන අතර
 ගිහාන් මියගිය පෙරේදා රාත්‍රියේ සිය ෆේස්බුක් ගිණුමේ ඔහු පළ කරන ලද වීඩියෝවක් පිළිබඳව දැඩි අවධානයක් යොමුව ඇත.
එදින පස්වරු 6.59 ට පමණ ඔහු අවසන් වරට පළ කොට තිබූ එම සටහනේ දැක්වුණේ ගම්පහ ප්‍රදේශයේ වාහන සපයන ආයතනයක පුද්ගලයෙකු යැයි පැවසූ අයෙකුගේ කෙටි දර්ශනයකි. එම පුද්ගලයා තමන්ගෙන් රුපියල් ලක්ෂ 40 ක මුදලක් ලබාගෙන තර්ජනය කරමින් සිටින බව ගිහාන් එහි සටහන් කොට තිබූ අතර මෙම මරණය හා ඒ කියන සංසිද්ධිය අතර සම්බන්ධයක් තිබේද යන්න ගැන විමර්ශන ක්‍රියාත්මකය.