පාසල් ශිෂ්‍යයාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගුරුවරුන් දෙදෙනා 7 දා මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කාන්තාවන් ඇතුළු පිරිසක් අධිකරණය ඉදිරිපිටදී නිහඩ විරෝධතාවයක නිරත වූහ. මොනරාගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් වන කේ. මනෝජා
ලක්මිණි, ආර්.ඇම්. රමණී රත්නායක යන මහත්ම මහත්මින් ඇතුළු පනහකට ආසන්න පිරිසක් විරෝධතාවයට එක්ව සිටියහ.


පසුව පැයකට පමණ පසුව විසිර ගියහ. උද්ඝෝෂණය පිළිබඳව අදහස් දැක්වූ රමණී රත්නායක මහත්මිය මෙසේ කීවාය.
‘මොනරාගල නගරය හා අවට උපකාරක පන්ති වැහිවැහැලා රාත්‍රී 10 වනතුරුත් පාන්දර 4ටත් පන්ති කරනවා. ඉතිහාසය පිළිබඳ උපකාරක පන්ති කරන රජයේ ගුරුවරයකුත් ඉන්ජිනේරු තාක්ෂණය පිළිබඳ පන්ති කරන ගුරුවරයකුත් උසස් පෙළ හදාරණ පාසල් ශිෂ්‍යාවකට ලිංගික අතවර කර එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර තිබුණි. මෙවැනි ගුරුවරුන් ජාතියට ශාපයක්. මේවා වළක්වා ලීමට වහා පියවර ගත යුතු අතර නීතිය හමුවට පැමිණි වු විට උපරිම දඬුවම දිය යුතුයි."

-නඳුන් ගුණතිලක-