දිවිනසාගත් බවට සැක කෙරෙන ආකාරයට මියගිය ඕරා වාදන කණ්ඩායමේ විදුලි ඕගන වාදන ශිල්පී ගිහාන් රත්නායකගේ අභිරහස් මරණය පිළිබඳ මේ වනවිට අලුත්ම තොරතුරු ලැබෙමින් පවතී. 7 වනදා රෑ මියයන්නට පැය කිහිපයකට පෙර ඔහු සිය ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද අවසන් සටහන ලෙස වීඩියෝවක් පළව තිබුණි. පස්වරු 6.59 ට පමණ පළ කොට තිබූ එම වීඩියෝවේ ගම්පහ  ඉමාෂි කැබ් කළමනාකරු
බුද්ධික ලක්ෂාන් සිල්වා පෙනී සිටින කෙටි දර්ශනයක් පළව තිබූ අතර ‘මෙයා මගෙන් සල්ලි අරගෙන ලක්ෂ 40 ක් මට තර්ජනය කරනවා‘ යයි සටහන් කර ඔහුගේ දුරකථන අංකද සටහන් කර තිබුණි.
ගිහාන්ගේ හදිසි මරණය වාර්තාවූයේ එම සටහනින් පසුවය.

මේ ගැන අද මාධ්‍ය තුළින් එළිදරව්වීමෙන් පසු
ප්‍රකට ටෙලි නාට්‍ය නිළි රොෂානා ඔන්ඩච්චි සිය

ෆේස් බුක් ගිණුමේ පොලිස් පැමිණිල්ලක පිටපතක් පළකර කියා තිබුනේ ඒ කියන බුද්ධික ලක්ෂාන් තමාටද මුදල් වංචා කර ඇති බවයි.
2017-10-28 දින මිරිහාන පොලිසියේ SCIB 388/252 අංකයෙන් ඇය ඒ ගැන කළ පැමිණිල්ලද පළ කර තිබුණි.
මේ අනුව ගිහාන් රත්නායකගේ අබිරහස් සමුගැනීම පසුපස සිටින බුද්ධික ලක්ෂාන්  ගැන කිසියම් සැකයක් පහළවේ. ඔහු මේ ගැන කවරක් පවසන්නේද යන්න දැනගැනීමට ගොසිප් ලංකා අප ඔහුව සම්බන්ධකරගත් අතර එම අවස්ථාවේ ඔහු මෙසේ කියා සිටියේය.

‘අපේ වාහනයක්නෙ එයා රෙන්ට් එකට අරන් ගියේ. අපේ හොඳ කස්ටමර් කෙනෙක් එයා. ජීවිතේට මං තර්ජනය කරලා නෑ. එයා මැරෙන දවසෙත් හැන්දෑවේ 5.17 ට මං එයා හිටපු තැනට ගිහින් හම්බ වෙලා කථාබහ කරලා ආවේ. එයා හිටියෙ හෙණ පීඩනයකින්.. එයා කියනව අයියෙ මට මැරෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ කියලා. මං කිව්ව ගත්ත මිනිස්සුන්ට ඇත්ත කථාව කියපං කියලා. මෙහෙම හැංගිලා ඉඳල තේරුමක් නෑනේ. මොකද දවස් කිහිපයක්ම මං මුදල් ගෙවල එයාට හෝටලේක ඉන්න දුන්නේ. එයා සල්ලි කාටද දුන්නෙ කියල දීපු කෙනෙක් සඳහනක් නෑ.
පෝස්ට් එකේ තියනවා ලක්ෂ 40 ක් කියල ලක්ෂ 40 ක් නෙමේ ලක්ෂ 12 ක් අරන් තියනවා. ඒත් මෙයාගෙන්
නෙමේ.
මෙයාගෙ යාළුවෙක්ගෙන් පොලියට දෙන කෙනෙක්ගෙන් ගත්තා. මට ඕකෙනුත් මේ වෙලාවෙ මග අරින්න තිබුණා ලස්සණට. අයියෝ මං දන්නෑ කියල. කොහෙවත් සාක්ෂි නෑනේ. ලියුම් දීල නෑනෙ. නමුත් හෘද සාක්ෂියට විරුද්ධව වැඩ කරන කෙනෙක් නෙමේ මම. මං ඒ වෙලාවෙ එයාට කිව්වෙ මල්ලි මං ඔයාගෙන් ගත්තු සල්ලි එයාලට බේරනවා මල්ලි අදටත් ඒ මිනිස්සු මට සලකන්නෙ ඒකයි.
මෙයා මේ දාල තියන හේතුව මෙයාගෙ අම්මට පෙන්නන්න. අම්ම බැණල තියනවා ඒ මොකක්හරි ප්‍රශ්නයක් ගෙදරට ගිය හින්දා.

අම්ම බැන්නට පස්සෙ අම්මට මුහුණ දෙන්න බෑ කියන එක කියල තියනව මගේ වයිෆ් එක්ක මැරුණ දවසේ. අම්මා මට හොඳටම බැන්න අක්කෙ කියලා. අක්ක අසනීප වෙලා ඉන්න නිසා සමාවෙන්න. මං ලක්ෂාන් අයිය එක්ක ජාති ජාතිත් තරහ නෑ කියල තමා කියල තියෙන්නේ.
මෙයා ඒ පෝස්ට් එක දාල තියෙන්නෙ මෙයා සමාජෙ හිටපු ක්‍රමයක් තියෙනවනෙ. ඒකෙන් මිදෙන්න බැරි නිසා අම්මට පෙන්නන්න ම මළේ වෙන කෙනෙක් නිසා මං වැරදි වැඩක් කළේ නෑ කියන්න. ළඟම හිටියෙ මම මගේ පිටට දැම්මා. දැන් එයා නැතිවුණා. මං මැරෙනකං විඳවන්න ඕන

මොකක්ද එතකොට රොෂානා එක්ක ගනුදෙනුවෙ පටලැවිල්ල?
මේ රොෂානා ඔන්ඩච්චි කියන නිළිය මිනුවන්ගොඩ අතුල කියල කෙනෙක් එක්ක ෆිල්ම් එකක් කළා. සුපිරි ටාසන් කියලා ඩීවීඩී ෆිල්ම් එකක්. ඊට පස්සෙ ඒ පුද්ගලයට මෙයා ලක්ෂ 10 ක් දීලා තියනවා. මං රාජකාරී කරන ආයතනයෙන් එතැනට මීට අවුරුදු දෙකකට පෙර රෙන්ට් එකට වාහනයක් අරන් දුන්නා. ඒ වාහනේ රොෂානා පදිනවා මෙයාගෙන් ගත්ත සල්ලි වලට. මං රුපියලක්වත් එයාගෙන් අරන් නැහැ.මගේ කිසිම හිතවත්කමක්වත් නැහැ.

මේ සිදුවීම සම්බන්ධයෙන් දැනටමත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.ගම්පහ – ඔරුතොට මාර්ගයේ කළුපාලම අසළ
මියගොස් සිටි ගිහාන් රත්නායකගේ දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සිදුවිය.
මෙය සියදිවිනසාගැනකීමක්ද ඝාතනයක්ද යන්න තවම නිශ්චිතව ප්‍රකාශ කර නැති අතර මියගිය ගිහාන්ගේ අවසන් සටහන්වලින් තර්ජනයක් ගැන කියැවුණ  බුද්ධික ලක්ෂාන් ගෙන්ද පොලිසිය මේ වනවිට කට උත්තර ලබාගෙන තිබේ.

ව්‍යාපාරික ලක්ෂාන්ගේ පිළිතුරු හඬ ඇතුළත් වීඩියෝව පහතින්

ගිහාන්ගේ අභිරහස්  මරණය ගැන මින් පෙර වාර්තාව
තර්ජනයක් ගැන සටහනක් ෆේස්බුක් දමා අභිරහස් ලෙස මියගිය සංගීත ශිල්පියා