කුරුණෑගල රාජ්‍ය බැංකුවක බැංකු ප්‍රධාන ශාඛාවන්. මුදල් සොරකම් කිරීම සදහා ඊයේ (8) අලුයම් කාලයේදී බංකුවට ඇතුළු වූ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල පොලිසිය නිලධාරිහු සමත් වූහ.
අලුයම 12.15ට පමණ සොරා බැංකුවට ඇතුළු වූ අවස්ථාවේදී ඒ බව දන්වන පොලිසියට සම්බන්ධ කර ඇති
එලාමය සහ බැකුවේ සවිකර ඇති එලාමය ද ශබිද වී ඇති අතර, වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම අවස්ථාවේදී කුරුණෑගල නගරයේ රැදී සිටි ජනතාවගේ ද සහායෙන් පලායමින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
සැකකරු බැංකුවේ ඉදිරිපස සවිකර තිබෙන විදුරු

දොරවල් දෙකකම විදුරු ඉතා සූක්ෂම ලෙස කපා ඉවත් කර බැංකුවට ඇතුළු වූ අවස්ථාවේ දී එලාම් නාදවීමෙන් ඔහු කලබලයට පත්ව පලා යාමට උත්සාහ දරා තිබූ බව පොලිසිය කියයි. එම අවස්ථාවේදී කපා තිබූ විදුරුවකට සැකකරුගේ එක් අතක් කැපී තුවාල වී තිබෙන බවද පොලිසිය කියයි. එම ස්ථානයේ ලේ පැල්ලම් ද වැටී තිබී ඇත.
සැකකරු කුරුණෑගල කෝවානේ පදිංචිකරුවෙකි. එලාම් සංඥා සවිකර තිබෙන බැවින් එම බැංකුවේ රාත්‍රියට ආරක්ෂක නිලධාරින් සේවයේ යොදවා නැති බවද පොලිසිය පවසයි. එලාම් සංඥා ක්‍රියාත්මක වීම හේතුවෙන් සැකකරුට කිසිවක් සොරකම් කිරීමට අවස්ථාව ලැබි නැත.
කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතාගේ උපදෙස් අනුව, සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක මංගල වික්‍රමනායක මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.


(පුෂ්පකුමාර ජයරත්න)