කර්මාන්ත නියෝජ්‍ය ඇමති බුද්ධික පතිරණ මහතා 10 වනදා පාර්ලිමේන්තුවේදී චේදනාවක් කරමින් කටාරයේ ශ්‍රී ලංකා තානාපති ඒඑස්පී ලියනගේ මෝඩ මීහරකෙක් යයි
නම් කළේය.
කටාර්හි ස්ටැෆර්ඩ් පාසලේ

අර්බුදයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් හටගත් අවස්ථාවේ  නි.ඇමතිවරයා මේ ගැන කියා සිටියේය.
‘මේ තානාපති ස්ටැෆර්ඩ් පාසලේ කටයුතු වලට පහත් විදිහට ඇඟිලි ගහල තියනවා.මෙයා ඒකෙ සල්ලි ටික සුද්ද කරන්න යනවා. පාසලේ ගුරුවරුන්ටත් තර්ජනය කරලා. පාසලේ ප්‍රශ්නයක් තියනවා නම් ඒ ගැන හොයන්න විශේෂඥ මණ්ඩලටක් යවන්න.මේ පිස්සු තානාපතිම ඒකට පත්කරන්න එපා. මේ මෝඩ මීහරකා ලංකාවට වහාම කැඳවන්නැයි මං ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
මෙයා පිස්සෙක්. මේ පිස්සු තක්කඩි තානාපති කරන දේවල් හොයන්න ඕන.මෙයා කලක් නයිජීරියාවේ තානාපති වෙලා හිටියා. එහෙම ඉද්දිත් එහේ මාෆියා කල්ලියක් එක්ක කටයුතු කරල අහුවෙලා ලංකාවට කැඳෙව්වා. එහෙම කෙනෙක් කටාර් වලට පත් කළේ මොකටද.මේ යහපාලන කිරි කලයට දැමූ ලොකු ගොම බිඳුවක්.
මේ ගැන මං කථාකරද්දි මෙයා මට රුපියල් පන්දහසක විස්කි බෝතලයක් එවලා තිබුණා.මං ඒක ආපහු එයාගෙ දුවට හරවල යැව්වා.අපි නම්මවා ගන්න හිතුවා මදි.‘