https://www.gossiplankanews.com/2018/08/badulla-ctb-accident.html
දුල්ල - අලුගොල්ල ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමේ සිදුවීමක් අද උදෑසන වාර්තා විය. මින් 15 හැවිරිදි දරුවෙකු මියගොස්
34 දෙනෙකු

තුවාල ලබා ඇත.
තුවාල ලැබූවන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර, තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා විය.
මාර්ගයේ පටු ස්ථානයකදී වෙනත් වාහනයකට ඉඩදීමට යාමේදී බසය පෙරළී ඇති බව පසුව හෙළි විය.
මියගිය සිසුවා උපකාරක පන්තියකට සහභාගීවීමට ගමන් කරමින් සිටි කන්දෙගෙදර ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.
අනතුරෙන් පසුව බස් රථයේ රියදුරු හිටි තැනම සිරවී සිටි අතර ඔහුව එම ස්ථානයෙන් ගලවාගත් අවස්ථාවේ දර්ශන මෙම වීඩියෝවෙන් දැක්වේ.