McSkillet යන නාමයෙන් යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගිය Trevor Heitmann නමැති 18 හැවිරිදි තරුණයෙකු කැලිපෝනියාවේ අධිවේග මාර්ගයකදී අනතුරට පත්ව අද මියගියා. ඔහු පදවාගිය අධික මිලැති මැක්ලරේන් වර්ගයේ ස්පොර්ට්ස් වාහනය
අධිවේගී මාර්ගයේ වැරදි පැත්තේ 100 ට වැඩි වේගයෙන් ධාවනය වූ බවත් අනෙක් පසින් ආ උන්ඩායි සුව් වර්ගයේ වාහනයේ එය හැපී කුඩුපට්ටම් වූ බවත් ඇසින් දුටුවන් වාර්තා කර තිබේ. මෙම අනතුර නිසා  Trevor Heitmann මෙන්ම අනෙක් රථයේ ගමන් කළ 43 හැවිරිදි මවක හා 12 හැවිරිදි දියණියකද මියගොස් තිබේ.


වෙඩි තැබීමේ වීඩියෝ ක්‍රීඩා විවරණය කරන යූ ටියුබ් නාලිකාවක් වූ McSkillet නාලිකාව පවත්වාගෙන ගොස් මිලියන ගණන් සාමාජිකයින් එක්කාසුකරගෙන ධනවතෙකු බවට පත්වූ මෙම තරුණයා පසුකාලීනව අන්තර්ජාල සූදු සම්බන්ධ වෙබ් අඩවි විවරණ ඉදිරිපත් කිරීම නිසා තහනමට ලක්වූවෙකි.

ඉන් පසුව ඔහු පසුගිය මාස කිහිපයේ අන්තර්ජාල වෙළෙඳපොළෙන් ඈත්ව සිටියේය.

ඔහු ඉතාම අඩු වයසින් මුදල් හම්බ කර වටිනා වාහන මිලටගෙන තවතවත් මුදල් හම්බ කිරීමට පිපාසාවෙන් සූදුව සඳහා ඒවා වැය කළ බවද කියැවිණි.
මෙම අනතුර නිසා ජීවිත තුනක් අහිමිවී තිබේ.