http://www.gossiplankanews.com/2018/04/kataragama-businessman-death.html

මිතුරන් පිරිසක් සමග මැණික් ගඟේ දිය නෑමට ගිය එංගලන්ත පුරවැසිභාවය සහිත කේ.ඩී. ජයන්ත චන්ද්‍රසිරි නමැති හෝටල් ව්‍යාපාරිකයෙකු අතුරුදන්වීමෙන් පසුව කළ සොයා බැලීමේදී ඔහුගේ මළ සිරුර දිය  වළක තිබී හමුවිය.ඔහු සමග බීමත්ව අවසන් මොහොත ගත කළ අය මෙම සිද්ධිය නොදන්නා ගාණට සිටීම සැකසහිත බව මියගිය අයගේ බාල සොයුරා වන මාධ්‍ය රැසක කතරගම වාර්තාකරු ලෙස සේවය කරන කේ.ඩී. දේවප්‍රිය මහතා පවසා තිබේ.
බඩල්කුඹුර ප්‍රදේශයේ පිහිටි පරෙයියන් ඇල්ල ආශ්‍රිත ස්ථානයකදී මැණික් ගඟ තුළ ගිලී  සැඟවුණ තම සොයුරා
ගැන ඔහු මෙසේ කියා තිබේ.
‘මියගොස් සිටින්නේ මගේ එකම සහෝදරයා. ඔහු එංගලන්තයේ පුරවැසිභාවය තියෙන අයෙක්. වසර 16ක් හිටියේ එංගලන්තයේ. ලංකාවේ හෝටලයක් පවත්වාගෙන යනවා. විනෝදයට බර අයෙක් වගේම මේ වගේ ස්ථානවල නිතර ඇවිදිනවා. මේ පිරිස සමඟ පැමිණි එක් පුද්ගලයෙක් අයියාගේ හෝටලය අඩු මුදලකට පසුගිය දිනවල ඉල්ලුවා. ඒකට අයියා කැමැති වුණේ නෑ. හිත් අමනාපෙන් හිටියේ. අයියා එහෙම බොන කෙනෙකුත් නෙවෙයි. අපිට ඇමතුමක් ආවා අයියා අතුරුදන් වෙලා කියලා. ඒ අනුව අපි අයියා හොයන්න ආවා. මේ පිරිස අපි හොඳට දන්නවා.

නමුත් අයියා අතුරුදන් කියලා කිව්වේ නෑ.
ෙමේ සිද්ධිය ප්‍රදේශයේ පළාත් සභා මන්ත්‍රි කෙනෙක් යට ගහන්න හදනවා. ඇයි එහෙම කරන්නේ? අයියා වැටුණ නම් කරන්න තිබුණේ මුලින්ම පොලිසියට කියන්න. නැත්නම් අපිට කියන්න. ඒ මොකවත් නැතුව මේ අය සද්ද නැතුව හිටියා. ඒක නිසා අපිට මේ මරණය ගැන සැකයි‘

52 හැවිරිදි කේ.ඩී. ජයන්ත චන්ද්‍රසිරිගේ මළ සිරුර ඊයේ (22දා) ප්‍රදේශවාසීන් හා නාවික හමුදාවේ කිමිඳුම්කරුවන්ගේ සහාය ඇතිව බඩල්කුඹුර පොලිසිය මඟින් සොයාගන්නා ලදි.
ඔහු ඇතුළු පුද්ගලයන් පස්දෙනකු පෙරේදා (21දා) සවස මෙම පෙදෙසටවිත් මත්පැන් පානය කර විනෝද වෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී කරුණු හෙළි විය.
මියගිය පුද්ගලයා ඇතුළු පිරිස මත්පැන් පානය කර දිය නාමින් සිට ඇති බවත් ටික වේලාවකින් ජයන්ත පෙනෙන්නට නොසිටීම හේතුවෙන්

මෙම පිරිස ඔවුන් පැමිණි වාහනයද අතහැර දමා පලාගොස් ඇති බවත් පැවසිණි. ඥාතීන්ට ලැබුණු දුරකතන ඇමතුමක් ඔස්සේ පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී මැණික් ගඟේ දිය වළක මියගොස් සිටි මෙම ව්‍යාපාරිකයාගේ මළසිරුර හමුවී ඇත.
මියගිය අයගේ දුරකතනයද ඔහු මියගොස් සිටි දිය වළේ ඇති බවට ඔහු සමඟ සිටි පුද්ගලයකු පැවැසූ නිසා පානම නාවික හමුදාවේ කිමිඳුම්කරුවන් කළ සෝදිසියකදී ඔහුගේ දුරකතනයද සොයා ගැනීමට හැකි විය.

සිද්ධිය සිදුවූ ආකාරය පිළිබඳ පරීක්ෂණ තවදුරටත් සිදුවේ.