බඩල්ගම අලුගොල්ල පාලම විවෘත කළ අවස්ථාවේ ගමපහ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණස්කර
මහතාගේ

හැදුනුමපත ඉල්ලූ බව කියන කොටදෙණියාවේ පොලිසිය උපපොලිස් පරික්ෂකවරයා ඉකුත්දා (7) සිට ක්‍රියාත්මක වන පරිදි මීගමුව මූලස්ථාන පොලිසියට මාරු කර යවා ඇත.
මන්ත්‍රීවරයාගේ හැඳුනුම්පත ඉල්ලිම හා ඒ හා සම්බන්ධිත කරුණු පිළිබඳව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයෙන් පරික්ෂණයක් පැවැත්වෙන අතර එහි මූලික පියවරක් ලෙස උපපොලිස් පරික්ෂකවරයාට මෙම මාරුවීම දී තිබේ.
උපපොලිස් පරික්ෂකවරයා මන්ත්‍රීවරයාගේ හැදුනුම්පත ඉල්ලීමෙන් පසුව ජනතාවගේ දැඩි  විරෝධයක් එල්ල වූ අතර සිද්ධිය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග මේ සම්බන්ධව විශේෂ පරික්ෂණයක් පැවැත්වීමට පොලිස්පතිවරයා නියෝග කර තිබිණි.