ගවයෙකු බයික් එකේ වැදී අකාලයේ මියගිය තරුණයාගේ 
හදවත හැර සිරුරේ  සියලු කොටස් දන් දෙයි


 ගවයෙකු මෝටර් සයිකලයේ හැපීමේ අනතුරකින් මරණයට පත් වූ තරුණයකුගේ සිරුරේ හද වස්තුව හැර අනිකුත් සියලුම කොටස් තවත් ජීවිත හයක් වෙනුවෙන් දන්දීමට ඥාතීන් කටයුතු කළ පවුතක් ආණමඩුව, සංගට්ටිකුලම ප්‍රදේශයෙන් වාර්තාවේ.
පසුගිය 2 වැනි දින එම ප්‍රදේශයේදී තවත් තරුණයකු සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටි විසි හය හැවිරිදි එම්.පී. සුමිත් ක්‍රිෂාත්ත මහතා හදිසියේ අනතුරට ලක්ව තිබුණේ ගවයකු මාර්ගය හරහා ගමන්කිරීමත් සමග
ගවයාගේ ගැටී විසිවී යාමෙන් බව ඥාතීහු පවසති.

එහිදී මෙම තරුණයා ආණඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහුගේ කැමැත්ත මත තමන්ට අසාධ්‍ය නොවන බව

පවසන් ප්‍රතිකාර ලබාගෙන නිවසට පැමිණ ඇත. නමුත් පසුදින (03) උදෑසන නිවසේ සිටි මෙම තරුණයා අවදි නොවීම හේතුවෙන් පවුලේ පීරිස් දොරවල් විවර කර බලන විට ඔහු අසාධ්‍යව සිට ඇති බවත් ඒ සමග  පුත්තලම මූලීක රෝහලට රැගෙන ගොස් ඇති බවත් එහිදී අසාධ්‍යව සිටි තරුණයා කොළඹ  ජාතික රෝහලට ඇතුළත් කිරීමටත් කටයුතු කර තිබු බවත් පැවසේ.

දින තුනකට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම තරුණයා පසුගිය 06 වැනි දා ජීවිතයෙන් සමුගෙන තිබුණි.

මෙම තරුණයා මරණයට පත්වන්නට පෙර ඔහුගේ අවදානම් තත්ත්වය වෛද්‍යවරුන් දෙමාපියන්ට හා ඥාතීන්ට පවසා ඇති අතර මොහු මරණයට පත්වීමෙන් පසුව සිරුරේ දෑස් යුගල,
අක්මාව, වකුගඩු, දණිස්, පාදවල පේශි කොටස් ඇතුළු තවත් කොටස් ගණනාවක් වෙනත් රෝගීන්ට පරීත්‍යාග කිරීමට ද දෙමාපියන් හා ඥාතීන් කැමැත්ත ලබා දී තිබුණි.

මේ වන විට මෙම තරුණයාගේ සිරරෙන් ලබාගත් කොටස් රෝගීන් හය දෙනකුගේ ජීවිත වෙනුවෙන් ලබා දී ඇති බව ඥාතීහු පවසති, පෙදරේරුවකු ලෙස රැකියාව කළ මියගිය සුමිත් අවිවාහකයකු වන අතර ඔහු නිවස වෙනුවෙන් දැවැන්ත කාර්යයක් සිදු කර තිබුනේ අසනීපව සිටින තම මව පියා රැක ගනිමිනි.

එසේම පවුලේ බාලම සොහොයුරියගේ අධ්‍යාපන කටයුතු ද භාරව තිබී ඇත්තේ මියගිය සුමිත්ටය. සහෝදර සහෝදරියන් සිව් දෙනකුගේ පවුලේ තුත්වැනියා වූ සුමිත් තම පවුලේ පීරීස වෙනුවෙන් දැවැන්ත කාර්යයක නිරත වී සිටියදී ආකාලයේ මෙම අනතුර සිදුවී තිබුණි.

මේ වන විට ස්ථිර රැකියාවක් නැති පියා, මව සහ තවමත් අධ්‍යාපනය හදාරන නැගණිය අසරණ වී ඇත්තේ වාසය කරන්නට පවා ස්ථිර නිවසක් නොමැතිවය. මොවුන් වෙනුවෙන් යමකු ඉදිරිපත් වන්නේ නම් එය සුමිත් වෙනුවෙන් කළ හැකි මහඟු පින්කමක් වනු නියතය.

ඉෂාරා ජයසිංහ