බොදු බල සේනා සංවිධානයට මුදල් දී පෝෂණය කළේ නෝර්වේ රාජ්‍යය යැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී
වාසුදේව නානායක්කාර මහතා

පාර්ලිමේන්තුවේදී ඊයේ (9) පැවැසීය. ඒ ගැන සියලු තොරතුරු හෙළිවුණු බව ද ඔහු කීය. නානායක්කාර මහතා මේ බව පැවැසුවේ  වෙළෙඳ නැව් නියෝග පිළිබඳ ඊයේ පැවති විවාදයකදීය.
 "නෝර්වේ එදා වැඩ කළේ එහෙමයි. නෝර්වේ රට ගිය ආණ්ඩුවට විරුද්ධවත් ලොකු සැලැස්මක් ක්‍රියාත්මක කළා. එදා ආණ්ඩුව යුද්ධය පරාජය කිරීමට කටයුතු කරද්දී ඔවුන් ඊට විරුද්ධව වැඩ කළා.
"හලාල් ප්‍රශ්නය මතු කරන්නේ එක්තරා අන්තවාදී සංවිධානයක්. හලාල් ප්‍රශ්නය නිසා අමාරුවේ වැටුණේ වෙන කවුරුත් නොවෙයි අපිමයි. ලංකාවේ තවමත් පවතින්නේ ශ්‍රී ලාංකීය ජාතියක් විදියට එක්සත් නොවුණු රටක්. ලාංකීය එක්සත්කමක් ඇති කිරීම ලොකු අභියෝගයක්.“