Kandy Issue Updates 6pm
  • එජා නියෝජිත ජෙෆ්රි ෆෙල්ට්මන් ජනපති හමුවේ
  • මහනුවරට යළිත් ඇඳිරි නීතිය
  • ගතවූ පැය 24 තුළ පාසල් සිසුන් 2 ක් ඇතුළු 146 ක් අත්අඩංගුවට
  • අද මුස්ලිම් කඩ වසලා ඒත් පල්ලි ළග කලබල නෑ
  • මහනුවර පාසල් යළි ලබන සදුදා සිට

එක්සත් ජාතින්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් අද (09)
පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවිය. මෙම හමුව ගැන ජනපති මාධ්‍ය අංශය දක්වා ඇත්තේ සම්බන්ධතා තහවුරු කිරීම වෙනුවෙන් සිදුකරන වාර්ෂික
සංචාරයක් ලෙසිනුයි. කෙසේ වෙතත් මහනුවර ඇතිව තිබෙන ගැටලුකාරී තත්වය මැද ඔහු ඉක්මණින් ලංකාවට එන බවට ආරංචි පැතිර තිබුණි.

මහනුවර ප්‍රදේශයේ

ඇතිවූ කළහකාරී සිද්ධීන්වලට සම්බන්ධ 146 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන
ඇති බව පොලිසි මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා සිටී.
අද පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ අද උදෑසන 6 න් අවසන් වූ
පැය 24 තුළ පුද්ගලයින් 65 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඊයේ ජාතීන් අතර අසමගිය පැතිරෙන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාර සිදුකළ අය 10 දෙනාට අමතරව අද පාසල්
සිසුන් දෙදෙනෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු දන්වා සිටියේය.


මහ නගර සභා සීමාව හැර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවලට අද රාත්‍රි 8.00 සිට හෙට අලූයම 5.00 දක්වා ඇඳිරි නීතිය
යළිත්  ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අද සවස දන්වා ඇත. පිටස්තර පිරිස් පැමිණීමට තිබෙන ඉඩකඩ හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ.


විවිධ ස්ථානවල නොසන්සුන්කාරී ගැටලු ඇතිකරන්නේ වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන පිරිස් බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.
පිටකොටුව ප්‍රදේශයේ අද(09)

උදෑසන සංචාරය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මහනුවර උද්ගතවූ සිදූවීම්වලට විරෝධය පලකරමින් පිටකොටුවේ බොහෝ වෙළදසැල් අද උදෑසන කාලයේ වසා දමා තිබුණි.
කෙසේ වෙතත් අද මුස්ලිම් යාඤා කටයුතු සිදුකරන දිනයක් වුවත් පල්ලි ආසන්නයේ උද්ඝෝෂණ කිසිවක් සංවිධානය කර නොතිබුණ අතර උදෑසන සිටම සාමකාමී ස්වරූපයක් දිස් විය.


මහනුවර දිස්ත්‍රික්කයේ වසා දැමු සියලු පාසල් ලබන සඳුදා යළි විවෘත කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද මහනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.
පාසල් වසා දැමු දින සඳහා හිලව් සැසි පැවැත්විමට පියවර ගනු ඇති බවද ඔහු දන්වා ඇත.