මාතර පොල්හේන මුහුදු තීරයේදී පුද්ගලයකුගේ මුහුණට තවත් අයකු ක්‍රිකට් පීත්තකින් පහර දී කටේ උඩු ඇන්දේ දත් දෙකක් කඩා බරපතල තුවාල සිදුකර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර පොලීසිය
පරීක්ෂණ පවත්වයි.


 පහර කෑමට ලක් වූ අය මාතර නූපේ ඕලන්ද වෙළෙඳසලේ පැවැත්වෙන වෙළෙඳ ප්‍රදර්ශනයක කාර්මික වැඩ කිරීමට පැමිණි අයකු බවත් හෙතෙම වැඩ අවසන් වී රාත්‍රී මිතුරකු සමග දිය නෑමට පොල්හේනට ගොස් ඇති බවත් කියයි. එහිදී පුද්ගලයකු පැමිණ කැස්බෑවකු එම ස්ථානයට පැමිණියේද කියා අසා ඇති අතර එවැනි සතෙකු නොපැමිණි බවට පැවැසු අවස්ථාවේදී පහරදීම සිදු වී ඇති බව සඳහන් වෙයි. මාතර පොලිසිය මේ පිළබඳ පරීක්ෂණ පවත්වයි.