බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පොළොන්නරුව ප‍්‍රදේශයේ පැවැති රැස්වීම් දෙකකදී ඉස්ලාම් ධර්මයට හා කුරාණයට අපහාස වන අයුරින් ප්‍රකාශ කළේ යැයි
කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ සදහා පොලිසියට අවශ්‍ය සැකකරුවෙකුවී සිටි අතර ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල අනුව පරික්‍ෂණ පැවැත්වූ සංවිධානාත්මක අපරාධ  නිවාරණ කොට්ඨාසය උන්වහන්සේස්ට එරෙහිව නඩු පවරා තිබුණි.
එම නඩුවලට නොපැමිණීම කරණ

කොටගෙන පසුගිය සතියේ අත්අඩංගුවට ගැනීමට නිකුත් කොට තිබූ වරෙන්තුවෙන් පසුව නීතිඥවරුන් මාර්ගයෙන් ඊයේ (21)  ඥාණසාර හිමියන් අධිකරණයට භාර විය. ඒ අනුව වරේනුතව ආපසු කැඳවිමට ලාල් රණසිංහ බණ්ඩාර මහේස්ත්‍රාත්වරයා  ඊයේ (21) නියෝග කළේය.
භාරවූ උන්වහන්සේට රුපියල් 2500ක අමතර මුදල් ඇපයක් මත මුදාහැරීමටද ප‍්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය. පොළොන්නරුව ප‍්‍රදේශයේ පැවැති රැස්වීම් දෙකකදී ඉස්ලාම් ධර්මයට හා කුරාණයට අපහාස වන අයුරින් ප්‍රකාශ කළ නඩුව පසුගිය 15 වැනිදා කැඳවූ අවස්ථාවේදී පෙනී නොසිටීම නිසා උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තුව නිකුත් කොට තිබුණි.