අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා ෆේස්බුක් තොරතුරු වංචනික ලෙස භාවිත කිරීමේ චෝදනා සමිබන්ධයෙන් විමර්ශනයක් කිරීමට අමෙරිකානු ෆෙඩරල් වෙළද කොමිසම තීරණය කර තිබේ. ඒ අතරතුර ට්‍රම්ප් අමෙරිකානු ජනපති කිරීමේ දේශපාලන ව්‍යාපාරය සඳහා ෆේස්බුක් ගිණුම් මිලියන 50ක පමණ දත්ත සොරාගත් බව කියන කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඇලෙක්සැන්ඩර් නික්ස්ගේ සේවයද එම සමාගම විසින් අත්හිටුවා ඇත.


ඒ නික්ස් මේ  පිළිබඳ අදහස් දක්වන අවස්ථාවක රහසිගත විඩියෝ පටයක් චැනල් 4 නාළිකාවෙන් විකාශය කිරීමෙන් අනතුරුවයි. එම සමාගම නිවේදනය කර ඇත්තේ මේ පිළිබඳ ස්වාධීන විමර්ශන වාර්තාවක් නිකුත් කෙරෙනු ඇති බවයි. රහසිගත ලෙස පටිගත කරන ලද එම වීඩියෝවේ නිික්ස්

පවසා සිටින්නේ අපි හැම සමීක්ෂණයක්ම කළා. හැම දත්තයක්ම, හැම විලේෂණයක්ම කළා.

ඉලක්කගත හැමදෙයක් සම්බන්ධවම අපි විශ්ලේෂණයක්ම කළා. මම ට්‍රම්ප් බොහෝ වාරයක් හමුවුණා.” අපිට හාරවී තිබුණේ ට්‍රම්ප්ගේ මැතිවරණ කොටිඨාශවල හැසිරීම පෙන්නන්න” 'අපි කළේ සම්පුර්ණම දත්ත දේශපාලන ව්‍යාපාරය. ටීවී ව්‍යාපාරයත් කළා. අපේ දත්ත විශ්ලේෂණයෙන් තමයි දේශපාලන උපායමාර්ග සියල්ල තීරණය වුණේ. එහෙමයි අපි එයා ජනපති කළේ" ආදිය පවසන ආකාරය මෙම වීඩියෝවේ දැක්වේ.

කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමේ සේවා ට්‍රම්ප් දේශපාලන ව්‍යාපාරය සඳහා කුලියට ගන්නා ලද්දේ 2016 ජනාධිපතිවරණ සමයේදීයි. මැතිවරණ නීති උල්ලංගනය මෙම සමාගමට එල්ල වී ඇති තවත් චෝදනාවකි. කෙසේවෙතත්  මෙම චෝදනාව කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම ප්‍රතික්ෂේප කර සිටියි.  මේ අතර බ්‍රිතාන්‍ය සහ යුරෝපා පාර්ලිමේන්තුව ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග්ගෙන් මේ පිළිබද සාක්ෂි ලබාදෙන්නැයි ඉල්ලා ඇති බව ද වාර්තා වේ. එහෙත් මාර්ක් සකර්බර්ග් ගෙන් ඒ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති අතර ඔහු එම සාකච්ඡාවලට සහභාගි වීම ද ප්‍රතික්ෂේප කර ඇත.

මේ අතර වට්ස්ඇප් සමාජ ජාලයේ සම-නිර්මාතෘ බ්‍රියන් ඇන්ටන් ලොවපුරා සියලුම ෆේස්බුක් ගිණුම් හිමියන්ගෙන් ඉල්ලා ඇත්තේ තම ෆේස්බුක් ගිණුම් මකාදැමීමට කාලය එළැඹ ඇති බවයි. 2014 වසරේදී ෆේස්බුක් සමාගම විසින් වට්ස්ඇප් සමාගම දා මිලදී ගත්තේ ය.

අමෙරීකානු හා එංගලන්තයේ දේශපාලන යොදාගැනීම්, හැසිරීම් සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම පසුගිය වසර අවසානයේ සිට මේ දක්වා දිනෙන් දින බරපතළ චෝදනා ගොන්නකට මැදිවී සිටියි. මෙම ප්‍රවෘත්තිය පැතිරයාමෙන් පසුව එහි බලපෑමෙන් ෆේස්බුක් සමාගමේ වටිනාකම ඩොලර් බිලීයන 60කින් අඩුවී ඇති බව පැවසේ, සතියක් තුළ ෆේස්බුක් සමාගමට සිදුවී ඇති පාඩුව ඩොලර් මිලියන ගණනක් බව ද සදහන් ය.

වැඩිදුර වාර්තා

https://www.cnbc.com/2018/03/20/zuckerbergs-facebook-stock-selling-dwarfs-all-other-insiders.html

https://www.vanityfair.com/news/2018/03/facebook-will-never-be-the-same-after-the-cambridge-analytica-scandal