තංගල්ල නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස රවිදු වෙදආරච්චි මහතා සිය පියා වන ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය , තංගල්ල එක්සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක හා හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ
කම්ටුවේ සම සභාපති

දිලිප් වෙදආරච්චි මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය .
මෙලෙස තංගල්ල නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් රවිදු වෙදආරච්චි මහතාගේ පියා වන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා ද තංගල්ල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු , උප සභාපති හා නගරාධිපති ලෙසත් කටයුතු කල අතර , තංගල්ල නගර සභාවේ හිටපු  නගරාධිපතිවරයකු වන  සැමි පාල වෙදආරච්චි මැතිතුමා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ පියාය .
මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් තංගල්ල මැදකැටිය කොට්ඨාශය නියෝජනය කරමින් තරග කර ජයග්‍රහණය කරමින් තේරීපත්වූ රවිදු වෙදආරච්චි මහතා මෙලෙස තංගල්ල නාගරික මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දුන්නේය .