සී.එස්.එන්. නාළිකාවේ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ලබන 13 වැනිදා මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි එම නිලධාරීන් රොහාන් වැලිවිට මහතාට දන්වා තිබේ.

පළාත් පාලන මැතිවරණයේ

ජයග්‍රහණය හේතුවෙන් රොහාන් වැලිවිට මහතා බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට අද පෙරවරුවේ පැමිණි අතර, හෝමාගම පිහිටි සිය නිවසට පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ නිලධාරීන් පැමිණි ඇතැයි එම අවස්ථාවේදී ඔහුට දැන ගන්නට ලැබී තිබේ.
ඉන් පසුව වැලිවිට මහතා සිය නිවස බලා පිටත්ව ගියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය සම්බන්ධිකාරක රොහාන් වැලිවිට මහතාගේ නිවසට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් අද (11දා) පෙරවරුවේ ගොස් ඇතැයි වාර්තා වෙයි.