පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

“ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙළ රටේ ජනතාව අද ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. ජීවන වියදම, රට බෙදීම, රට තුළ පවතින සම්පත් විකිණීම හා රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීම මේ සියල්ලටම එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගෙන් පොහොට්ටුවත් එක්ක අති දැවැන්ත ලෙස එකතු වෙලා තිබෙනවා. ආණ්ඩුවකට
කියන්නේ දැන්වත්

ජනමත හිස නමන්න. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා පාර්ලිමේන්තු මැතිවරණයට යන්න.

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඉල්ලා අස්වෙන්න ඕන. ජනතා ඡන්දයෙන් ආණ්ඩුවක් පිහිටුවන්න පාර්ලිමේන්තුව විසුරුවන්න ඕන. තුනෙන් දෙකක බලයක් අරගෙන පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්. ජනාධිපතිතුමාට ඒක කරන්න පුළුවන්.

මැතිවරණ නීතිරීති අමුඅමුවේ මේ ආණ්ඩුව උල්ලංඝනය කළා. අන්තිම පැය 48 එක දිගට බඩු බෙදුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක් ඡන්දයකට රුපියල් 10,000ක් පමණ වියදම් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයත් එක ඡන්දයකට රුපියල් 10,000ක් පමණ වියදම් කර තිබෙනවා.

අපේ රටේ මව්කිරි බීලා හැදුනු, බත්කාලා හැදුනු ජනතාව කිසිදෙයකටවත් යට වෙන්නේ නැතිව ජනතාවගේ මතය සාමකාමීව ප්‍රකාශ කළා. මේ ආණ්ඩුවට දැඩි පණිවුඩයක් ජනතාව දුන්නා. ජනපතිතුමනි, අගමැතිතුමනි පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයට ගිහිල්ලා ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන්න අවස්ථාව දෙන්න” යැයි පවසා සිටියේය.


ආණ්ඩුවේ වැඩපිළිවෙළ ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කර ඇති හෙයින් වහාම පාර්ලිමේන්තු මැතිවරණය යායුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.