කළුබෝවිල, ප්‍රතිබිම්බාරාම පාර වම් ඇළ ඉවුර පාර පාලම අසලදී පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය
කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවයි. මිය ගොස් ඇත්තේ 38 හැවිරිදි වස්කඩුව පනාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු හඳුනා ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.