සාම්පූර් බෞද්ධ නටබුන්
ඩෝසර් කළේ කවුද?

මින් ටික දිනකට ඉහතදී සාම්පූර් සුඩකුඩා ප‍්‍රදේශයේදී පැරණි විහාරස්ථානයක් පැවති බවට සැක කරන ස්ථානයක නටබුන් මතුවීමෙන් පසු ඒ ගැන අධ්‍යයනයක් සිදුවන අතර කිසියම් කඩාකප්පල් කාරී පිරිසක් එම ස්ථානය ඩෝසර් කර යාමේ සිදුවීමක් වාර්තාවේ.
අනුරාධපුර මුල් යුගයට අයත් බවට සැලකෙන ගරාවැටුණු චෛත්‍යයක කොටස් මේ ආකාරයට
මතුවී තිබුණි.

චෛත්‍ය පිහිටා තිබූ ස්ථානය අසලින් පාදම් ගලක්ද මතුව තිබී ඇත.අඩි 15ක පමණ වට ප‍්‍රමාණයකින් යුත් මෙම චෛත්‍යය පිළිබඳ පර්යේෂණය සිදු කළ පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම එහි දත්ත සටහන් ලේඛනයක්ද සකස්කර වැඩිදුර විමර්ශන සඳහා සූදානම්වී සිටි අවස්ථාවක කිසියම් පිරිසක් විසින් පෙරේදා (18) එම ස්ථානය ඩෝසර් කොට බිමට සමතලා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාම්පූර් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මෙම පුරාවිද්‍යා භූමිය ඩෝසර් යන්ත‍්‍ර යොදා සමතලා කර තිබෙන බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව සාම්පූර් පොලිසිය එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කිරීමෙන් පසුව ඒ පිළිබඳව මූතුර් මහේස්ත‍්‍රාත් අධිකරණයට වාර්තා කර තිබේ.
මේ ආකාර නටබුන් හමුවීමෙන් පසු එම ස්ථානය වෙනත් කටයුතු සඳහා යොදානොගෙන සංරක්ෂණය කිරීමේ අවාසිය ඉවසන්නට බැරිවූ කිසියම් පිරිසක් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව කරන්නට ඇතැයි සැක කෙරේ. සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදුවේ.
 ඩෝසර් කරන්නට පෙර ලබාගත් ඡායාරූපයක් පහතින්
Pix Courtesy By -lankadeepa.lk