විමල් හිරේ ඉඳන්
අද පෝයට සිල් අරන්

වාහන අවභාවිතා කිරීමේ වරදකට හසුව මැගසින් බන්ධනාගාරයේ ‘ඊ’ වාට්ටුවේ රක්ෂිත බන්ධනාගාරයේ පසුවන
පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ අද දුරුතු පොහොය දින බන්ධනාගාරය තුළ සිල් සමාදන්වූ බව වාර්තාවේ.
සෑම පොහෝ දිනකම බන්ධනාගාරයේ ආගමික වැඩසටහන් පැවැත්වෙන අතර ඒ සඳහා සිල්ගන්නට කැමති අයගේ අත්සන ගනිමින් ඊයේ
පත්‍රිකාවක් ගෙනයද්දී

විමල් එය රැගෙන ආ අයට අඩගසා කියා ඇත්තේ මාවත් ලිස්ට් එකට දාන්න ලෙසිනි.රැඳවූවන් 85 දෙනෙකු එහි සිටි අතර වැඩි පිරිස වයස්ගත අය බවද පැවසිණි.
ඒ අනුව අද උදෑසන උතුරු සළුවක් පැළඳ ගත් විමල් සිල් සමාදන්වූ වයෝවෘද්ධ පිරිස සමග පෝලිමේ ගොස් බන්ධනාගාර ආගමික මධ්‍යස්ථානය තුළට ඇතුළුවූ බවත් උදේ ධර්මදේශනාව ශ්‍රවණය කර පසුව ශාන්ත දාන්තව ඇවිද යන ආකාරය නිරීක්ෂණය වූ බවත් බන්ධනාගාර ආරංචි හෙළි කළා.
මේ අතර එම ප්‍රකාශකයා පැවසුවේ ඊළඟට පැවති ධර්ම දේශනාවේ තේමාව වූයේ ‘නාස්තියේ ආනිසංස‘ යන්න බවයි. විමල් එය අැසීමටද සහභාගී වී තිබේ.