AH1 N1 ඉන්ෆ්ලුවෙන්සා හිස ඔසවයි
මහනුවර රෝහලේ රෝගීන් 3ක්‌ මරුට
ලෙඩ්ඩු බලන්නත් එන්න එපාලු


පවතින සීත කාලගුණයත් සමග ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ ක්‍රියාකාරිත්වය ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා පැය කිහිපයක් යන්නට මත්තෙන් මහනුවර මහ රෝහලේ පැතිර ගිය එච් වන් එන් වන් වසංගත රෝගය හේතුවෙන් තිදෙනකු මියගොස්‌
ඇති බවත් තවත්

තිදෙනකුට රෝගය ආසාදනය වී ඇති බවත් රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක තහවුරු කර තිබේ.
පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න සඳහන් කළේ, ගර්භණී මව්වරුන් අතුළු අවදානම් කාණ්ඩවල සිටින පුද්ගලයින් මෙම රෝගය ගැන අවධානයෙන් පසුවිය යුතු බවය.

මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ සිටි රෝගීන් තිදෙනා මියගියේ මෙම වෛරසය නිසා බව ඔප්පුවූ පසුව සෙසු වාට්‌ටුවලට පැතිර යැම වළක්‌වාලීම සඳහා කොළඹ වසංගත රෝග නිවාරණ කණ්ඩායමක්ද හදිසියේ එහි ගොස් උපදෙස් නිකුත් කර ඇත.
කුඩා දරුවන්, ගර්භනී කාන්තාවන්, කිරිදෙන මවුවරුන්, අත්‍යවශ්‍ය කාරණයක්‌ හැරුණු විට මහනුවර රෝහලට පැමිණීමෙන් වළකින ලෙසටත්, රෝහලට පැමිණෙන සෑම පුද්ගලයකුම මුව ආවරණ යොදා හෝ වෙනත් ආරක්‍ෂිත ක්‍රමවේදයක්‌ පිළිපදින ලෙසටත් රෝහල් අධ්‍යක්‍ෂවරයා උපදෙස් දී ඇත.