නවතා තිබූ ලොරිය කොට උඩ තබා ටයර් උස්සලා

Ad Code

නවතා තිබූ ලොරිය කොට උඩ තබා ටයර් උස්සලා


නවතා තිබූ ලොරිය කොට උඩ තබා 
ටයර් උස්සලා

කොල්ලකරුවන් පිරිසක් සිදු කළ අලුත් විදිහේ සොරකමක් ගැන දඹුල්ල පැල්වේහර ප්‍රදේශයෙන් වාර්තාවේ.
මේ වූ කලි ගරාජයක නවතා තිබු  ලොරි රථයක හා ටිපර් රථයක ටයර් සොරෙන් ගලවාලෙන ඒ වෙනුවට එම වාහන කොට උඩ තබා ගිය සිද්ධියකි.
 ටින්කර් පේන්ට් හා යාන්ත්‍රික අළුත් වැඩියාකිරිමේ
ස්ථානයක මෙම සිද්ධිය සිදුව ඇත.

 ගරාජයේ හිමිකරු නිවසට ගොස් පොහොදා උදැසන නැවත පැමිනෙන විට මේසේ වාහන දෙකක් රෝද කොට උඩතබා තිබෙනු දැක පරික්ෂා කිරිමේදි  ටයර් සහිත රෝද හයක් ගලවාගෙන ගොස් ඇති බව දැක තිබේ.
පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇති අතර මේ වනතුරු කිසිදු හෝඩුවාක් හමු වි නොමැත.
එක් රොදයක  වටිනාකම රුපියල් අසු දාහක් පමණ  බවද පැවසේ. ඒ අනුව සමස්ත සොරකම ලක්ෂ 5 කට ආසන්නය.
දඹුල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් කුමාර මහතාගේ උපදෙස් මත දඹුල්ල පොලිසියේ අපරාධ අංශය මගින්  වැඩිදුර  පරික්ෂණ  සිදුකරයි.

දඹුල්ල  - මහින්ද උදයසිරි












ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News


Close Menu