හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාට ලබාදී තිබූ කැප්පෙටිපොල මාවතේ රජයේ නිල නිවස දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්‍ෂනායක ආර්.සම්බන්ධන් මහතාට ලබාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පියවර ගෙන ඇත.
සම්බන්ධන් මහතා
පාර්ලිමේන්තුවට පත්වීමෙන් පසු නිල නිවසක්‌ ලබාදෙන ලෙස කළ ඉල්ලීමකට අනුව මෙම නිවස ලබාදී ඇත.
හිටපු අග්‍රාමාත්‍යවරයා සිටි නිල නිවසේ ඔහු පරිහරණය කළ භාණ්‌ඩ ඇති බවත් ඒවා ඉවත් කරගත් වහාම සම්බන්ධන් මහතාට එම නිල නිවස ලබාගන්නා ලෙස අමාත්‍යංශය දැනුම් දී ඇති බවත් ලේකම්වරයා කීය.

රජයේ නිල නිවාස ලබාදෙන ලෙස අමාත්‍යංශයට ඉල්ලීම් රැසක්‌ ලැබුණත් නිල කාලය අවසන් වී එහි සිටි පුද්ගලයන් ඉවත් නොවීම ගැටලුවක්‌ වී ඇතැයි පැවසූQ ලේකම්වරයා මොවුන් ඉවත් කිරීම සඳහා නඩු පැවරීමට කටයුතු කර ඇතැයිද කියා සිටියේය. මේ අතර හිටපු විනිසුරුවරයකුද වසර 30ක්‌ තිස්‌සේ රජයේ නිල නිවසක රැඳී සිටින බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

(චමින්ද සිල්වා - දිවයින)