ජනවාරි මස 17 වැනිදා සිට 21 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ ඩෙවොස් නගරයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
 අමාත්‍ය රවි කරුණානායක අමාත්‍ය

මලික් සමරවික්‍රම හා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන මහත්වරුද මෙවර සමුළුවට ඇරැයුම් ලැබ සිටිති.

මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, පෞද්ගලික සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහුද මේ සංචාරයට එක්වෙති.
මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ 23 වැනිදාට නියමිතව තිබූ ඉරාන රාජ්‍යයේ නිල සංචාරය හදිසියේ අවලංගු කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මේ සම්බන්ධයෙන් ඉරාන තානාපති කාර්යාලය දැනුවත් කර ඇත. ඉරාන රජයේ විශේෂ ආරාධනය පරිදි ඉරානයේ නිල සංචාරයක නිරත වීමට ජනාධිපතිවරයා දින නියම කොට තිබිණි.