ජනවාරි 27 වැනිදා නුගේගොඩින් අරඹන "පෙරළියක ඇරැඹුම" රැලියෙන් මෙරට අනාගතයේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්න්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.
පළාත් පාලන

මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීම, යහපාලන මුද්‍රාව තබාගෙන මහ බැංකු බැඳුම්කර වංචාව, මහින්ද, සිරිමාවෝ, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක තිදෙනා එකතු කළ රාජ්‍ය සම්පත් විකිණීම, ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාව උපන් ගෙයිම පරාජයට පත් කිරීම සහ දේශපාලන දඩයම නැවැත්වීම යන පංචවිධ අරමුණු උදෙසා ඒකාබද්ධ විපක්ෂය මඟින් මෙම රැලිය සංවිධානය කරන බව ප්‍රකාශ කළේය.