ආණ්ඩු පක්ෂයේ හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු දෙදෙනෙක් ඉදිරියේදී විශේෂ දේශපාලන තීන්දුවක් ගන්නා බවට පසුගිය දිනවල කථා පැතිරුණ අතර ඒ දෙදෙනා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර
වික්‍රමනායක හා

ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමි වන බව වාර්තා වනවා.
ලබන 23දාට හොරණ ආසන බල මණ්ඩලය කැඳවා දේශපාලන තීන්දුව පිළිබඳ පාක්ෂිකයන් දැනුවත් කරන්නට විදුර වික්‍රමනායක ෂූදානම් වන අතර යහපාලන ආණ්ඩුව කරන කියන දේවල් නිසා තමන්වහන්සේට රටේ ජනතාවට පමණක් නොව, දායකකාරකාදීන්ට පවා මුහුණදීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටින බව අතුරලියේ රතන හිමියන් පවසා ඇත.
ඔවුන් පක්ෂය මාරු කරන්නට හෝ ස්වාධීනව සිටීමට හෝ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණ ගනු ඇතැයි දේශපාලන ආරංචි හෙළි කරනවා.